gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විපක්‍ෂ නායක අසුන අල්ලාගත් මන්ත‍්‍රීගේ ධුරය අහෝසියි?

දහවන පාර්ලිමේන්තුව ඊයේ දිනයේ ආරම්භ වූ අවස්ථාවේ එහි විපක්ෂ නායක අසුනේ අසුන්ගෙන පාර්ලිමේන්තු නිලධාරියකු වචන හුවමාරුවක පැටලුණු යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුන් රාමනාදන් මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමේ අවදානමක් මතුව තිබේ.

ඒ ඔහු වෛද්‍ය වෘත්තිකයෙකු වශයෙන් සේවය කරමින්ම සිටියදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ලෙස දිවුරුම් දීම හේතුවෙනි.

මෙරට නීතිය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රජයේ රැකියාවක නියැලෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකිය.

මෙම තත්ත්වය මත ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීම ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති අතර මෙය ඉදිරියේදී නීතිමය නීතිය හමුවේ අභියෝගයකට ලක්වනු ඇති බවද දෙමළ මාධ්‍ය පුවත්පත් වාර්තා කරයි.

මීට පෙර රාජිත සේනාරත්න මහතාද සිය වෘත්තියකින් ඉවත් නොවී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීම නිසා ධූරයෙන් ඉවත් කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka