රන්ජන්ගේ පක්ෂය අද රෑ සිට හොර රහසේ කරන්න හදපු වැඩක් මාට්ටු වෙයි!
මැතිවරණ ප්‍රචාරක කාලසීමාවෙන් පසු ජනතාවට බෙදීමට ගෙනවිත් තිබූ භාණ්ඩ රැසක් වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයක් තුළ තිබී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.
අදාළ භාණ්ඩ තොගය සොයාගත් වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලය රන්ජන් රාමනායක නායකතවය දරන ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පක්ෂයේ කාර්යාලයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවයි අනාවරණයවී තිබෙන්නේ.
මෙහිදී ජනතාවට බෙදීමට ගෙන ආ සහල්, සැමන්, පවර් බෑන්ක් ඇතුළු භාණ්ඩ තොගයක් මැතිවරණ කොමිසමේ නිලධාරීන් භාරයට ගෙන තිබෙන බව වාර්තා වේ.
මෙම වැටලීම වැල්ලවත්ත පොලිස් නිලධාරීන්ගේ ද සහාය ඇතිව සිදුකර ඇත.
මේ අතර මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරක කාලසීමාව අද (11) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වන බව මැතිවරණ කොමිසම දැනුම්දී තිබේ.
රන්ජන්ගේ පක්ෂය අද රෑ සිට හොර රහසේ කරන්න හදපු වැඩක් මාට්ටු වෙයි!
2024-11-11T11:52:00+05:30
Gossip Lanka Hot News






