ජනාධිපතිගේ යාපන රැළියට බස් දමා පිටින් සෙනග ඇදලා... සිංහල ජනතාවට දෙමල පරිවර්තනයකුත් දීලා!
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ යාපනයේ පැවති ජන රැළිය සඳහා පිට දිස්ත්‍රික් වලින් ජනතාව ගෙනවිත් තිබූ බව දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන් එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කරයි.
එසේ පැමිණ සිටි සිංහල ජනතාවට දෙමළ භාෂාවෙන් ජනාධිපතිවරයාගේ කතාවේ පරිවර්තනයක් ද ලබා එම රැළියේදී ලබා දී ඇති බවද හෙතෙම පැවසීය.
බස් රථවලින් කැදවා තිබූ ජනතාවට ඔවුන්ගේම දිස්ත්‍රික්කවලට ගොස් ඇමතුවා නම් ගමන් වියදම බොහෝ සෙයින් අඩු වනු ඇති බවද සුමන්දිරන් මහතා කියා සිටී.
හෙතෙම මේ බව සඳහන් කර ඇත්තේ තම X ගිණුමේ සටහනක් තබමිනි.
ජනාධිපතිගේ යාපන රැළියට බස් දමා පිටින් සෙනග ඇදලා... සිංහල ජනතාවට දෙමල පරිවර්තනයකුත් දීලා!
2024-11-11T18:53:00+05:30
Gossip Lanka Hot News







