හරීන් ඇදුම් නැතිව මහ පාරේ යකා නටයි! (VIDEO)
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ඔහුගේ පාක්ෂිකයන් පිරිසක් බදුල්ල නගරයේදී පොලීසිය සමග උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් සංවිධානය කළ නීති විරෝධි මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් නවතා දැමීමට බදුල්ල මැතිවරණ ආරවුල් නිරාවණය මධ්‍යස්ථානය හා බදුල්ල පොලිසිය කටයුතු කළේය.
මෙම පිරිස රතිඤ්ඤා දල්වමින් අත් පත්‍රිකා බෙදමින් පෙළපාලියක බදුල්ල නරගයේ ගමන් කරමින් සිටියදි බදුල්ල පහළ විදීයේදී පොලිසිය එම පිරිස නතර කිරීමට කටයුතු කළේය.
අනතුරුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධව හරීන් ප්‍රනාන්දු මෙලෙස පොලීසිය සමග වාද විවාදයකට එක්වී පසුව උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
එහිදී ආවේගයෙන් හැසිරුනු හරීන් ප්‍රනාන්දු තමා හැඳ සිටි ටී ශර්ට් එක ගලවා දමා උඩුකය නිර්වස්ත්‍රව බදුල්ල නගරයේ ඇවිද යන්නට පටන් ගත් අතර පොලීසියේ උසස් නිළධාරියෙකුට තර්ජනයක්ද සිදු කළේය.
ඔහු පැවසූවේ, “ඔයා මුල ඉඳන්ම අපිට මේක කරන්න දුන්නෙ නෑ.. ඡන්දෙ දිනුවොත් ඔයාව ඇවිල්ල වෙනම හම්බෙන්නම්” ලෙසයි.
මේ හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල විය.
හරීන් ඇදුම් නැතිව මහ පාරේ යකා නටයි! (VIDEO)
2024-11-11T18:56:00+05:30
Gossip Lanka Hot News






