සිලින්ඩරයේ ලේකම් ලිඛිතව බොරු කියනවා… රවීගෙ නම් කිරීම ගැන රනිල් කිසි දෙයක් දන්නේ නෑ… එජාප සභාපති වජිරගෙන් සිලින්ඩර ලේකම්ට උත්තරයක්!
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා රවී කරුණානයකගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජානධිපති රනිල් වික්‍රමසිංහ දැනුම්වත් කිරීමෙන් අනතුරුව බව එම පක්ෂයේ ලේකම් නීතිඥ ශ්‍යාමිලා පෙරේරා විසින් ඊයේ දිනයේ දී ලිඛිතව කළ නිවේදනය අසත්‍ය බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ජාතික ලයිසතු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක නම් කිරීම සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට කිසිම පූර්ව දැනුම් දීමක් නොකළ බව එම නිවේදනයෙන් වජිර අබේවර්ධන අවධාරණය කර තිබේ.
ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයෙකුට ලබා දීමට එකඟතාවයට පැමිණ තිබූ බවට කෙරෙන ප්‍රකාශය ද පදනම් විරහිත බවය.
නොවැම්බර් මස 16 වැනිදා රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස් වුන පක්ෂ නායකයින්ගේ රැස්වීමේ දී තීරණය කර තිබුණේ නොවැම්බර් මස 19 වැනිදා රැස්වන පක්ෂ නායක රැස්වීමේ දි ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර පිරවීම සදහා සාකච්ඡා කළ යුතු බව යැයි වජිර අබේවර්ධන නිකුත් කළ නිවේදනයේ සඳහන් වී ඇත.
සිලින්ඩරයේ ලේකම් ලිඛිතව බොරු කියනවා… රවීගෙ නම් කිරීම ගැන රනිල් කිසි දෙයක් දන්නේ නෑ… එජාප සභාපති වජිරගෙන් සිලින්ඩර ලේකම්ට උත්තරයක්!
2024-11-22T10:27:00+05:30
Gossip Lanka Hot News






