ගුවන් යානා ප‍්‍රමාදයට ඇමති විජිතගෙන් වහා පිලියමක්!
ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාද වීම සම්බන්ධයෙන් ක්ශනිකව මගීන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන් බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ඒ සඳහා විශේෂ සම්බන්ධීකරණ ඒකකයක් පිහිටුවීමට නියමිතයි.
ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාද වීම හේතුවෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳ සොයා බැලීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී එම උපදෙස් අදාළ අංශ වෙත ලබාදි තිබේ.
– නාගොඩ සුමන උදයන්ත
ගුවන් යානා ප‍්‍රමාදයට ඇමති විජිතගෙන් වහා පිලියමක්!
2024-11-11T13:52:00+05:30
Gossip Lanka Hot News






