gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිසට සහ පපුවට වෙඩි තබා 11 දෙනකු ඝාතනය කිරීම දණහිසෙන් පහළට වෙඩි තැබීමක්ලු!

මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසක් 2020 නොවැම්බර් 29 වැනි දින වෙඩි තබා ඝාතනය කිරීම දණහිසෙන් පහළට වෙඩි තැබීමක් බව තහවුරු කිරීමට නීතිපතිවරයා ක්‍රියා කර ඇත.

ගෝඨාභය රාජපක්‍ෂගේ පාලන සමයේ එම වෙඩිතැබීම සිදු කර තිබිණි. මහර බන්ධනාගාරය තුළ වූ කොරෝනා ආසාදන රැල්ලක් මතු වීමත් සමඟ තමන්ව කොවිඩ් පරීක්‍ෂණවලට යොමු කරන ලෙස ඉල්ලා එහි රැඳවියන් විසින් උද්ඝෝෂණයක් සිදු කර තිබිණි. බලධාරීන් ඒ පිළිබඳව සැලැකිල්ලක් නොදැක්වීම නිසා එම සාමකාමී උද්ඝෝෂණය කලහකාරී තත්ත්වයකට පත් විය.

එය මැඬපැවැත්වීම සඳහා එම රැඳවියන්ට දණහිසෙන් පහළට වෙඩි තැබූ බව නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් විසින් අධිකරණය ඉදිරියේ තහවුරු කිරීමට ක්‍රියා කර තිබිණි. එහෙත්, පශ්චාත් මරණ පරීක්‍ෂණවල දී තහවුරු වී තිබුණේ, හිස, පපුව සහ බඩ යන ප්‍රදේශවලට එකඑල්ලේ එල්ල කරන ලද වෙඩිතැබීම් නිසා මෙම අය මිය ගොස් ඇති බව ය. වින්දිතයන්ගේ ඥාතීන් වෙනුවෙන් දිගින්දිගට ම මෙම අපරාධය වෙනුවෙන් ඉදිරිපත් වී සිටින පිරිසක් අධිකරණ ක්‍රියාදාමය වෙනුවෙන් කැප වී සිටිති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka