ජනතා ගැටලුවලට තමන් පත් වූ වහාම විසඳුම් ලබා දෙන බව කී ජනපති අනුර කුමාර දිසානායක මේ වනවිට තමන් දුන් සෑම පොරොන්දුවක්ම බිඳ දමා ජනතා අපේක්ෂා කඩකරමින් සිටින බවත්, ජනතා පොරොන්දු ඉටු කරදීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රී ධූරවලින් පාර්ලිමේන්තුව පුරවා දිය යුතු බවත් සමගි ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි. ඊයේ (07) සවස කොලොන්නාවේ පැවති ජන හමුවකට එක් වෙමින් සජිත් ප්‍රේමදාස මෙසේ ද කීවේය.
“පාර්ලිමේන්තුව ජනතා විමුක්ති පෙරමුණෙන් පිරෙව්වොත් හොඳට තියෙයි. ඉතිරි පොරොන්දු ටිකත් සම්පූර්ණයෙන් කඩ කරගන්න පුලුවන්. දැන් ඔය විදුලි බිල අඩු කරන්න, ආහාරපාන භාණ්ඩවල මිල අඩු කරන්න, ඉන්ධන මිල අඩු කරන්න පාර්ලිමේන්තුව රැස් වෙන්න අවශ්‍ය නෑ… පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය අවශ්‍ය නෑ.”
දැන් නිර්ධන පන්තිය දුක් විඳින ජනතාව නියෝජනය කරනවැයි කියලා ලොකුවට කතා කරලා ජනාධිපති වුන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයාට එක නයෝගයෙන් පුලුවන් මේක අඩු කරන්න. අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රී බහුතරය මේ රටේ ජනතාව අප වෙත ලබා දෙනකොට නියත වශයෙන්ම අපි ඉදිරිපත් කරපු එම වැඩපිළිවෙළ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්නට අපි සැදී පැහැදී සිටිනවැයි කියන එක මං ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරන්න කැමතියි.
එහිදී කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එස්.එම් මරික්කාර් පැවසුවේ සති හයක් ගිය පසුත් පෙට්‍රල් ඩීසල් මිල අඩු කරන්න බැරි බව කීවත් ඔක්ටේන් 95 සහ සුපර් ඩීසල් අඩු කර ධනපතියටන්ට සහන සැලසීමට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කටයුතු කර ඇතැයි පැවසුවේය. ඒක දැක්කට පස්සෙනම් මට හිතුනේ තාම රනිල් ජනාධිපති ද කියලා” මරික්කාර් කීවේය.