කාලයක් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වූ ගාලතැන්න ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය කපුවෙකුගේ පුතෙකු සතුව තිබුණු ව්‍යාජ අංක තහඩුවක් සවි කළ මොන්ටෙරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. දිගන පදිංචිකරුවෙක් වන මෙම පුද්ගලයා සතුව කොටස් එකලස් කරන ලද නීති විරෝධි ජීප් රථයක් ඇති බවට 1997 දුරකතන අංකයට ලද තොරතුරකට අනුව පොලිසිය පසුගිය 30 වැනිදා නිෙවසට ගොස් කළ පරීක්ෂාවේදී මෙම වාහනය හමුවී තිබේ.
වාහනයේ ලියාපදිංචි තොරතුරු කිසිවක් සැකකරු සතුව තිබී නැත. ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත්තේ පසුගිය දා වෙඩි තබාගෙන මියගිය රාජ්‍ය ඇමැති ලේකම්වරයා වාහනය සිය ගෙවත්තට සති තුනකට පමණ පෙර ගෙනවිත් දැමූ බවය.
මේ සම්බන්ධයෙන් පොලිසිය කළ දීර්ඝ විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ මෙම රථය කපුවා සහ ඔහුගේ පුතා පරිහරණය කර ඇති එකක් බවය. කපුවාට අයත් බව කියන වාහන අංගණයක් ඇති බවත් ඒම අංගණයේ ඉඩකඩ ප්‍රමාණත් නොවූ තැන පුතාගේ නිවෙස පිහිටි ගෙවත්තට මෙම වාහනය රැගෙනවිත් දමා තිබී ඇති බවත් විමර්ශනයේදී පෙනී ගොස් තිබේ. කපුවාට අයත් වාහන අංගණයේ කොටස් එකලස් කර ඇති නීති විරෝධී වාහන ඇති බවට සැකකරන තොරතුරු රැසක් පොලිසියට ලැබී ඇති බැවින් ඒම වාහන අංගණය පරීක්ෂා කිරීමට පොලිස් කණ්ඩායමක් ඊයේ සූදානමින් සිටියහ.
මෙම වාහනය පරීක්ෂා කිරීමේදී 2022 වසරේ ගෙවූ විදුලි බිලක් මෝටර් රථයේ තිබී හමුවී ඇත. එම බිල සැකකරුගේ නිෙවසේ විදුලි බිලක් බව අනාවරණය වී තිබේ. ජීප් රථය වසර කිහිපයක් තිස්සේම පරිහරණය කර ඇත්තේ මෙම සැකකරු බවටද තොරතුරු විමර්ශනයේ දී පොලිසියට ලැබී තිබේ. වාහනය පිරිසිදු කිරීමට සේවා සපයන ආයතනවලට ලබා දී ඇත්තේ ද කපු පවුලේ උදවිය බවට තොරතුරුද පොලිසියට ලැබී ඇත.
අංක තහඩුව ගැන සොයා බැලීමේ දී අනාවරණය වී ඇත්තේ මහනුවර පුද්ගලයකුගේ වාහනයකට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් නිකුත් කර ඇති අංකයක් සවිකරගෙන මෙම වාහනය ධාවනය කර ඇති බවය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී ප්‍රභූවරයෙක් ගමන්කරන ආකාරයට ජනාධිපතිවරයා ගමන් කළ වාහනයට වෙට්ටු දමා ලයිට්ද දක්වාගෙන ගමන් කළ මෙම වාහනය එකල මහනුවරදී අත්අඩංගුවටද ගෙන ඇත. එහිදීද පරීක්ෂා කිරීමේදී හෙළිවී තිබුණේ හොර රහසේ මෙරටට ගෙන්වා ඇති වාහනයක් බවය. මෙම වාහනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්ද සිදුකර ඇති අතර පසුව අධිකරණයෙන් එම වාහනයත් ඔවුන්ටම අයත් තවත් වාහනයක් සමඟ මුදා මැර තිබේ. ඒ සම්බන්ධයෙන් අධිකරණ විනිසුරුවරයාට එරෙහිව පොලිසිය අධිකරණ සේවා කොමිෂන් සභාවටද දැනුම්දීමක් කර තිබී ඇත.
නැවතත් පොලිසියට වෙනත් අංකයකින් හමුවී ඇත්තේ ඒම වාහනය බව ද එම නිලධාරියා සඳහන් කළේය.
ඒ අනුව කපුවා සහ ඔහුගේ පුතා සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය උපදෙස් ලැබුණු පසු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද ඒම නිලධාරියා පැවසීය.
වාහනය මෝටර් රථ පරීක්ෂකවරයාටත් රස පරීක්ෂකවරයාටත් ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කළේය