වෘත්තීය සමිති නොතිබුණේ නම් හිටපු බලශක්ති අමාත්‍යවරයා ඇතුළු පිරිස ඉන්ධන මිල තවදුරටත් අහස උසට නංවා ඔවුන්ගේ තෙල් සංස්ථාවේ ඉතුරු කොටස්ද ඔවුන්ගේ සමාගම්වලට දීමේ සැලසුමක් තිබූ බව ජාතික ජන බලවේග ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක අශෝක රන්වල මහතා පවසයි.
ගුවන් යානා වලට තෙල් සැපයීමේ කටයුත්ත තෙල් සංස්ථාවෙන් ගලවාගෙන වෙනත් ඔවුන්ගේ සමාගම්වලට පවරාගත් බවද ඔහු චෝදනා කරයි.
ඒ හරහා එක දවසක ඔවුන්ගේ ආදායම ඩොලර් වලින් ලක්ෂ 28කට වඩා වැඩි බවද හෙතෙම කියා සිටියි.