කපුවා කපෝති.. ගාල්තැන්න කපුවා අත්අඩංගුවට.. වාහන අංගනයක් සොයාගනී…
මහනුවර දිගන ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ සුඛෝපභෝගී ජීප් රථය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ගාල්තැන්න දේවාලයේ ප්‍රධාන කපුවා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් එම වාහනය කපු මහතාට එය ලබා දී ඇති බව සදහන් කර ඇත.
රත්වත්තේ ඒ මහතාගේ මියගිය පෞද්ගලික දේකම්වරයා දැනට මාස තුනකට පමණ පෙර මෙම ජීප් රථය ලබා දුන් බවට කපුවා ප්‍රකාශ කර ඇතත් එය වසරකට වැඩි කාලයක් තිස්සේ ඔහු සතුව තිබී ඇතැයි තොරතුරු පොලිසිය හෙළිකරගෙන ඇත.
මෙම කපුවාගේ වාහන අංගනයක් තුළ සුපිරි වාහන 16ක් තිබී ඇති අතර ඒවායේ නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මකයි.
සිදුවීම සම්බන්ධයෙන් කපුවා තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 11 වැනි දින දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
කපුවා කපෝති.. ගාල්තැන්න කපුවා අත්අඩංගුවට.. වාහන අංගනයක් සොයාගනී…
2024-11-03T23:24:00+05:30
Gossip Lanka Hot News






