හිටපු පාලකයන් වෙනුවෙන් නුවරඑලිය ජනාධිපති මැදුර වටා ඇති ඉඩමේ කාබනික පොහොර භාවිතා කර එළවළු වගාවක් සිදු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි. එම එළවළු වගාවෙන් සෑම සිකුරාදාම ජනාධිපති ලේකම් කාර්යාලට එළවළු ලබා දෙන බවත් පැවසූ ඔහු මෙවර ලබා දුන් එළවළු තමන් භාවිතා නොකර ආරක්ෂක නිලධාරීන්ට භාර දෙන්නයි දැන්වූ බවද හෙතෙම පැවසුවේය.
ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් නුවරඑළියේ පවත්වන ලද මහ මැතිවරණ ජනරැළියක් අමතමිනි.
“නුවරඑලිය ජනාධිපති මැදුර වටා විශාල ඉඩමක් තියෙනවා, එම ඉඩමේ කාබනික පොහොර භාවිතා කරලා සාර්ථික එලවළු වගාවක් සිදුකරනවා, එම එලවළු වගාවෙන් සෑම සිකුරාදකම එලවළු කිලෝ 60 ක් ජනාධිපති ලේකම් කාර්යාලයට යවනවා.
එහෙම තමයි පැරණි අය ජිවත් වෙලා තියෙන්නේ, එගොල්ලෝ කාබනික එලවළු කාලා ජිවත් වෙනවා, රටේ ජනතාව රසායනික පොහොර භාවිතා කරපු එලවළු කැමට ගන්නවා.
මම ජනාධිපති වුණාට පස්සෙත් එහෙම එලවළු පාර්සල් කිහිපයක් ජනාධිපති ලේකම් කාර්යාලයට ආවා, මම ඒ ගැන සොයලා බැලුවා, මම කිව්වා ඒ එලවළු ආරක්ෂක අංශ නිලධාරින්ට ආහාර සදහා ලබාදෙන්න කියලා”