පසුගියදා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන බලවේගය නියෝජනය කරමින් අංක 3න් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කරන චරිත් අබේසිංහ විසින් මාධ්‍ය හමුවක් කැඳවා ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවල දිගින් දිගටම කියූ ඔහුව ප්‍රශ්න කිරීමේ ජනතාවට ඇති අයිතිය තුළ හිඳිමින් පුරවැසියෙකු ලෙස ජනාධිපතිවරයා ඇතුළු රජයෙන් විමසිය යුතු ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා
01 - මාලිමාවේ සංයුතිය මොකද්ද?
වත්මන් ජනාධිපතිවරයා බලයට පැමිණෙන්නේ ජාතික විද්වත් සංවිධානය (NIO) සහ තවත් සුළු පක්ෂ, කණ්ඩායම් කිහිපයක එකතුවෙන් නිර්මාණය වූ ජාතික ජන බලවේගය (ජාජබ) නම් වූ සංධානයකිනි ලංකා ඉතිහාසයේ මෙවැනි විවිධ මතවාද දරන පක්ෂ එකට එක්ව බලය මෙහෙයවනු ලැබූ අවස්ථා අප දැක ඇත එහෙත් මෙහි ඇති ගැටලූව වන්නේ එකම පක්ෂය තුළ මතවාද දෙකක් නියෝජනය කරන දෙපිරිසක් සිටීමයි වසර 60කට වැඩි කාලයක් පුරා ජවිපෙ වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ගම් මට්ටමේ පාක්ෂිකයන් මාලිමාවේ සංයුතිය පිළිබඳ දැනුවත් කර තිඛෙනවාද යන්න අපි පළමුවෙන්ම ජනාධිපතිවරයාගෙන් අසන්නට කැමැත්තෙමු.
02 - ආයෙත් ගෝඨා යුගයක්ද?
2019 ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා කටයුතු කළ වියත්මඟ සහ සාම්ප්‍රදායික දේශපාලන කඳවුර අතර යම් යම් මතගැටුම් නිර්මාණය වූ බව නොරහසකි අවසානයේ රට බංකොලොත් වීම දක්වාම මෙම මත ගැටුම බලපෑ හැටි අපි දුටුවෙමු මාලිමා රජය බලයට පැමිණ මාස දෙකක් ගත වීමටත් මත්තෙන් මතුව ඇති අභ්‍යන්තර මත ගැටුම් අපිට නැවතත් සිහිපත් කරවන්නේ ගෝඨාභය සමයයි. මෙය හුදු පක්ෂයක අභ්‍යන්තර අර්බුදයක් ලෙස ලඝු කිරීමට අප මැලි වන්නේ එබැවිනි ඉතිහාසය නැවත සිදුවන බවත්, එය පළමු වර ඛේදවාචකයක් ලෙසත්, දෙවැනි වර ප්‍රහසනයක් ලෙසත් සිදුවන බව පැවසුවේ ජවිපෙ දර්ශනයට පාදක වුණු මාක්ස්වාදයේ පියා, කාල් මාක්ස් විසින්ම වීම දෛවයේ සරදමක් බඳු යැයි අපට සිතෙයි ආර්ථික ඝාතකයන් යැයි හංවඩු ගැසූ දේශපාලකයන් ගෝඨාභය බලයට පැමිණ පැය 48ක් යන්නට මත්තෙන් අමාත්‍ය ධුරවල පිහිටුවනු
ලැබූ හැටි අපට සිහිපත් වේ ජාතික විද්වත් සංවිධානයේ සිටින බොහෝ අය ද එදා වියත්මඟ සංවිධානයේ සිටි අයමය මේ නිසා ජාතික විද්වත් සංවිධානය යනු වියත්මෙඟ්ම අලූත් මුහුණුවර ලෙස හඳුනා ගැනීමේ වරදක් නැත.
03 - ජනාධිපති උපදේශක පත් කිරීමේ අර්බුදය
ජවිපෙ විශ්වාස කරන්නේ සමාජවාදී වාමාංශික ව්‍යාපාරයක් වුවත් (NIO) නියෝජනය කරන්නේ සහ විශ්වාස කරන්නෙ ඊට වඩා වෙනස් මතවාදයක් නිසා ජනාධිපතිවරයට මේ කඳවුරු දෙකම නියෝජනය කරමින් උපදේශකවරු දෙදෙනෙකු පත් කරගැනීමට සිදු වී ඇත. ආර්ථික කමිටුවෙ හිටපු සභාපති අනිල් ජයන්ත මහතා එක් උපදේශකවරයෙකු ලෙස පත් කොට ඇති අතර මෙතුමා ජවිපෙ දීර්ඝ කාලීන ක්‍රියාධරයෙකු මෙන්ම ජවිපෙ සමාජ, ආර්ථික ප්‍රතිපත්තිය විශ්වාස කරන්නෙකි¡ අනෙක් උපදේශකවරයා වන දුමින්ද හුලංගමුව මහතා වියත්මඟ සංවිධානයේ සිටි අයෙකු වන අතර ඔහු ගෝඨාභය රාජපක්ෂගේ ආර්ථික කමිටුවල සාමාජිකත්වය දරමින් ආර්ථිකය පරිහානියට වගකිව යුතු පිරිසෙන් කෙනෙකු ලෙස සඳහන් කළ හැකි පුද්ගලයෙකි.
මේ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී නූතන සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට ජනාධිපතිවරයා පැවසුවත් මේ තුළ පැහැදිලිවම පෙනෙන්නට ඇත්තේ පක්ෂය අභ්‍යන්තරයේ පරස්පරතාවයන්ය ජනාධිපතිවරයා මෙවැනි පත් කිරීම් මඟින් උත්සහ කරන්නේ ජවිපෙ සහ විද්වත් සභාව සමබර කරගැනීමට ද? නැතිනම් වෙනත් ස්වාධීන අදහසක් ඔහුට තිඛෙනවාද? මේ පිළිබඳ අපි පුරවැසියන් ලෙස ජනාධිපතිතුමන්ගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමු.
04 - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති පත් කිරීම
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කළ හිටපු ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අත්තටගේ ඉවත් කොට ඒ වෙනුවට මහාචාර්ය කපිල සෙනවිරත්න පත් කිරීමේ සිද්ධිය, උක්ත මතවාදී අර්බුදය තවත් හොඳින් පෙන්නුම් කරන සිදුවීමකි. මහාචාර්ය සම්පත් අත්තටගේ යනු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා වන අතර එතුමා විශේෂයෙන්ම නවක වදය සහ අනීතික ශිෂ්‍ය වැඩසටහන් මැඩ පැවැත්වීමට කටයුතු කළ අයෙකු ලෙස ප්‍රකටය එතුමා එම තනතුරෙන් ඉවත් කරන්නේ ශිෂ්‍ය ව්‍යාපාරවලට එතුමා නිසා ඇති වී තිබුණු තර්ජනය නිසාද? එසේ නොවේ නම් ඊට සාධාරණ පිළිතුරක් අපි ජනාධිපතිතුමාගෙන් අපේක්ෂා කරමු
05 - සංචාරක ආයතන හතරට සභාපතිවරු දෙන්නෙක් පත් කිරීම
සංචාරක ක්ෂේත්‍රය විධිමත් කිරීමට කටයුතු කරන බව අනුර කුමාර දිසානායක, මැතිවරණ වේදිකාවේ පුන පුනා කියූ කරුණකි සංචාරක මණ්ඩලය ප්‍රධාන ආයතන හතරකින් සැදුම්ලත් වන අතර මේ ආයතන හතර ඒකාබද්ධ කිරීම පිළිබඳ කලක පටන් දීර්ඝ සංවාදයක් නිර්මාණය වෙමින් පැවතින¡ ගෝඨාභට සමයේ මේ සඳහා සැලසුම් සකස් කරනු ලැබුවේ ද එවක වියත්මඟ නමින් පෙනී සිටි අද ජාතික විද්වත් සභාවේ පිරිස්මය. මෙම ආයතන හතරම එක ව්‍යුහයක් තුළට ගෙන ඒම අසීරු කටයුත්තක් වුවත්, ගෝඨාභය පාලන සමයේ මෙම ආයතන හතරම එක සභාපතිවරියක් යටතේ ක්‍රියාත්මක විය¡ මෙම ආයතන හතරම ඒකාබද්ධ කොට එක් ආයතනයක් යටතට ගන්නා බව කී ජනාධිපතිවරයා දැන් මේ ආයතන හතර සඳහා සභාපතිවරු දෙදෙනෙකු කිරීමේ පදනම කුමක්දැයි අපට පැහැදිලි නැත. මේ පත් කිරීම් පිටුපස ඇත්තේ ද මාලිමාවේ අභ්‍යන්තර අර්බුදය වන ජවිපෙ සහ විද්වත් සභාව යන ප්‍රතිපක්ෂ දෙක තුලනය කිරීමේ අරමුණ බව පිටතට පෙනෙන සත්‍යයයි.
මේ සඳහා ද ජනාධිපතිවරයා පැහැදිලි පිළිතුරක් ජනතාවට දිය යුතුව ඇත.
06 - තරඟකාරී ලංසු ක්‍රමය ඉවත් කිරීම
පසුගිය ආණ්ඩුවේ ඛණිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර විසින් විදුලි බල මණ්ඩලය සඳහා තරඟකාරී ලංසු ක්‍රමවේදයක් (Competitive Bidding System) හඳුන්වා දීමට කටයුතු කරමින්, ඛණිජ තෙල් සංස්ථාවේ ඒකාධිකාරය යම් දුරකට පාලනය කිරීමට උත්සහ දරා තිබුණි.
වත්මන් රජය මේ වන විට මෙම ක්‍රමය අහෝසි කර ඇති අතර මේ නිසා ජනතාවට ලැබුණු සහනය ද අහිමි වී ඇත. මේ අහෝසි කිරීමට හේතුව කුමක්ද යන්න ජනතාවට පැහැදිලි කිරීමට ජනාධිපතිවරයාට සහ රජයට යුතුකමක් ඇති බව අපි තරයේම විශ්වාස කරමු. එමෙන්ම මිල පාලනය සඳහා දැනට ඇති ක්‍රමවේදය ද ජනාධිපතිවරයා විසින් පැහැදිලි කළ යුතුව ඇත.
07 - PTA ප්‍රශ්නය
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත PTA පිළිබඳ ප්‍රශ්නය ද වත්මන් රජයේ දෙබිඩි පිළිවෙත හෙළි කළ අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය. බලයට පැමිණීම පෙර මාලිමාවේ ප්‍රධානීන් නිතර සඳහන් කළ කරුණක් වූයේ මෙම පනත අහෝසි කරන බවයි¡ නමුත් බලය ලබා ගත් පසු මෙම පනත අහෝසි නොකොට පවත්වා ගෙන යාමෙන් පෙනෙන්නේ ඔවුන්ගේ මතවාදවල ඇති දෙබිඩි බව මිස අන් යමක් නොවන බව අපගේ අවංක හැඟීමයි. පසුගියදා ආරුගම්බේ සිදුවීමේ දී මෙම පනත තිබීමේ වැදගත්කම රජයට හොඳින්ම අවබෝධ වූ බව පැහැදිලිය.
මෙම පනත අහෝසි නොකොට විධිමත්ව පවත්වාගෙන යන බව බිමල් රත්නායක පැහැදිලිවම ප්‍රකාශ කිරීම තුළින් රජයේ ස්ථාවර හෙළිවිය. අහෝසි කිරීම හා විධිමත්ව පවත්වා ගෙන යාම යනු අර්ථ දෙකකි. බලය ලබා ගැනීමට පෙර පනත අහෝසි කරන බව සඳහන් කළේ රාජ්‍ය ආරක්ෂාවට ගැන ඇති වැදගත්කම ගැන නොදැනුවත්ව බව මේ අනුව පැහැදිලිය.
ඡන්ද දිනා ගැනීම වෙනුවෙන් ප්‍රතිපත්තියක් නැති බොරු පොරොන්දු දීම මාලිමා සාමාජිකයන්ගේ පුරුද්දක් බවට පත්ව ඇති බව පෙනෙන්නට ඇත. ඡන්ද දිනාගැනීම සඳහා මෙවැනි සදාචාර විරෝධී ලෙස බොරු ප්‍රචාරය කිරීම ශීලාචාර දේශපාලනයට කොතෙක් දුරට එකඟ ද යන්න අපි ඔබ හමුවේ තබමු.
අප විසින් මෙහිලා යොමු කළ ප්‍රශ්න හා කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ඍජු පිළිතුරු අප අපේක්ෂා කරන අතර, මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වගකීම දරන්නට අප සූදානම් බවත් අවසාන වශයෙන් සඳහන් කරනු කැමැත්තෙමු.
චරිත් අබේසිංහ
පාර්ලිමේන්තු අපේක්ෂක,
කොළඹ දිස්ත්‍රික්කය, සමගි ජන බලවේගය.