කෙහෙළියගේ දුරකතනයට සුපිරි බලයක්!
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සිටි දූෂිත නිලධාරියෙකුගේ වැඩ තහනම් කර තිබියදී කෙහෙළිය රඹුක්වැල්ල එවකට විෂය බාරව සිටි ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ දුරකතන ඇමතුමකින් හිඟ වැටුප් සහිතව සේවයේ පිහිටුවන ලද බව අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් “අද“ පුවත්පත කරුණු හෙළි කර ඇත. තාක්ෂණ නිලධාරියෙකු ලෙස ඔහු සේවය කර ඇති බවත් අල්ලස් ලබා ගැනීම සඳහා වැලි ප්‍රවාහන ටිපර්කරුවෙකුට මරණීය තර්ජන සිදු කළ අයෙකු බවත් එම පුවත්පත වැඩි දුරටත් හෙළි කර තිබේ.
එහ නිලධාරියා කෙහෙළිය රඹුක්වැල්ලට සෑම මැතිවරණයකදීම උදව් කළ ලඟම දේශපාලන හිතවතෙකු වී සිටීම නිසා වහාම සේවයට බඳවා ගන්නා ලෙස නියෝග කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ. ඔහු නැවත සේවයේ පිහිටුවීමේ දී ප්‍රධාන විධායක නිලධාරියා “ගරු විෂය බාර අමාත්‍යවරයා දුරකතනයෙන් කරන ලද ඉල්ලීමකට අනුව නැවත සේවයට බඳවා ගනිමි“ යනුවෙන් සටහනක් ද යොදා ඇතැයි වැඩි දුරටත් හෙළි කර තිබේ.
කෙහෙළියගේ දුරකතනයට සුපිරි බලයක්!
2024-11-06T08:03:00+05:30
Gossip Lanka Hot News






