දීඝ දන්තු ඝාතනය කරයි… (video)
දෙස් විදෙස් සංචාරකයින්ගේ මහත් ආදරයට සහ ආකර්ශනයට පත්ව සිටි දැනට ලංකාවේ ජීවත් වූ වයසින් වැඩිම සහ විශාලම දළ සහිත හස්ථියා වූ දීඝ දන්තු 1 හස්තියා විදුලි සැර වද්දා ඝාතනය කර තිබේ. ආඬියාගල ගිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලීමෙන් හස්තියා මරණයට පත්වී ඇති බවය.
මින් වසර පහකට පෙර රේවත නැමැති හස්ථියා සමග “ඇත් පොරයකට” මැදිව දීඝ දන්තු මරණයට පත් වී මරණයට පත්ව ඇතැයි විශ්වාස කෙරුණත් පසුව යළි වනයෙන් මතු වූයේය. වයස අවුරුදු 50 ක් පමණ වන මෙම ඇතාගේ පිටතට පෙනෙන දළ යුගලයේ දිග අඩි 4ක් පමණය.
දීඝ දන්තු ඝාතනය කරයි… (video)
2024-11-28T18:14:00+05:30
Lanka Hot News








