මීට පැය කීපයකට පෙර කොළඹ දිස්ත්‍රික් ජාතික ජන බලවේග කණ්ඩායම් නායිකා මෙන්ම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මනාප ප්‍රමාණය 6,55,289 ක් තබා පිහිට වූ වාර්තාව බිඳ දමමින් ගම්පහ දිස්ත්‍රික් ජාතික ජන බලවේග කණ්ඩායම් නායක අමාත්‍ය විජිත හේරත් වාර්තාගත 7,16,715ක මනාප සංඛ්‍යාවක් ලබාගෙන ලංකා ඉතිහාසයේ මැතිවරණයක දී වැඩිම මනාප ගත් දේශපාලඥයා ලෙස වාර්තාව පිහිටුවා තිබේ.
ආචාර්ය අමරසූරිය විසින් අද (15) පස්වරුවේ බිඳ දමන ලද්දේ 2020 මැතිවරණයේ දී කුරුණැගල දිස්ත්‍රික්කයට තරග කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මනාප 5,27,364ක් ලබාගෙන තැබූ වාර්තාවය.
ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප සංඛ්‍යාව මෙසේය.
ජාතික ජන බලවේගය
විජිත හේරත් 7, 16, 715 . (හත් ලක්ෂ දාසය දහස් හත්සිය පහළවයි.)
අනිල් ජයන්ත ප්‍රනාන්දු 1,62,433
මහින්ද ජයසිංහ 1, 37, 315
ක්‍රිෂාන්ත සිල්වා අබේසේන 1, 21825
මොහොමඩ් මුනීෆ් 1, 19, 815
අශෝක රන්වල 1,09,322
එන්.බී විජේසිංහ 83, 061
රුවන් නිශාන්ත මාපලගම 78 673
ලසිත් භාෂණ 74058
ප්‍රදීප් මදුරංග 70 887
සුදර්ශන චම්පික හෙට්ටිආරච්චි 70 373
ජයකොඩි ආරච්චිගේ රුවන්තිලක 68 210
හේමාලි සුජීවා 68737
උපාලි ප්‍රියන්ත 60595 .
ජෙෆර්ජි ප්‍රනාන්දු 57734
චමින්ද ලලිත් කුමාර 53.451
සමගි ජන බලවේගය
හර්ෂණ රාජකරුණා 67 004 හැට හත් දහස් හතරයි
කාවින්ද ජයවර්ධන 37597
චමිල ප්‍රසාද් සිරිවර්ධන 23 699