ජනතාව රවටන දේශපාලනය තවදුරටත් සිදු කිරීමට එඩිතර විපක්ෂයක් ලෙස තම කණ්ඩායම ඉඩ නොදෙන බව සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. ජාඇළ කොටුගොඩ පැවති ජනහමුවක් අතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
"අද අපිට කාටවත් දොස් කියන්න බැහැ. අපි නිර්මාණය කරලා තියෙන්නේ මේ රටට ආදරය කරන මේ රටේ මව්බිමට ආදරය කරන මිනිසුන්ගේ කඳවුර. මෙකේ කිසි දූෂිතයෙක් නැහැ. අපි මේ දේශපාලනය කරලා පෙන්වනවා මේ හොර දූෂිත දේශපාලනය අවසන් කරන්න. හොරු අල්ලනවා කියලා මේ රටේ මිනිස්සු රවට්ටාගෙන එකෙන් බලයට ආපු අනුර කුමාරටත් කියන්න ඕනේ එඩිතර විපක්ෂය මඟ එනවා කියලා. මේ එන්නේ එඩිතර විපක්ෂය කියලා. රවට්ටලා මේ දේශපාලනය කරන්න ඉඩතියන්නේ නැහැ. ලක්ෂ්මන් නිපුනාරච්චි සහෝදරයා කියනවා මහා විනාශයක් සිදුවුණාලු මේ රටේ වෘත්තීය සමිති නිසා හැමදාම වර්ජනලු, ළමයෙකුට ඉගෙන ගන්න දෙන්නේ නැහැලු, ලෙඩෙකුට බෙහෙත් ගන්න දෙන්නේ නැහැලු... එනිසා එතුමා කියනවා දැන් අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය අපි විසුරුවා හරිනවාලු කොහොමද වැඩේ? දැන් අපිද ඒවා කළේ ? මේ රට විනාශයට අරගෙන ගියේ ? එක අවුරුද්දට අසූ ගාණනක් අර ගාලුමුවදොරට ගෙනාවා පෙළපාලි හැමදාම ගැහුවා කඳුලු ගෑස්, හැමදාම ගැහුවා, කොතරම් ආර්ථික විනාශයක් කළාද ? මේක විකෘතියක් නෙමෙයිද ? කොහෙන්වත් ආපු ඔවුන්වත් නොදන්නා මේ ලිබරල් අටමගලයක් මේ රට විනාශ කරනවානම් ඊට විරුද්ධව පෙනීසිටින්නටයි අපි මේ එඩිතර විපක්ෂය හදන්නේ."