gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පිරිතකට වැඩම කර දායක නිවසේ නවත්වා ගිය හිමිනමගේ ජිප් රථයත් හොර වාහනයක්?… පොලිසිය විමර්ශන අරඹයි!

මීට මාස පහකට පමණ පෙර උඩුදුම්බර උයන්වත්ත ප්‍රදේශයේ නිවසකට පිරිතක් සඳහා වැඩමකළ හිමි නමක් අදාල නිවසේ නවත්වා ගිය ජීප් රථයක් පිළිබඳ විමර්ශන කරන උඩුදුම්බර පොලිසිය එම ජිප් රථය හොර ජිප් රථයක් බව මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. උඩුදුම්බර උයන්වත්ත ප්‍රදේශයේ නිවසක මීට මාස පහකට පමණ පෙර පිරිත් ශාන්තිකර්මයක් පවත්වා තිබේ. එම පිරිත සඳහා මහියංගන ප්‍රදේශයේ ධර්මධර බව කියන භික්ෂුවක් ද වැඩම කර ඇත. උන්වහන්සේ වැඩම කර ඇත්තේ ජීප් රථයකිනි. පිරිත අවසානයේ යළි මහියංගනය බලා වැඩම කළ හිමිනම ජිප් රථය අදාල නිවසේ නවත්වා යළි පැමිණ රැගෙන යනතුරු බලා ගන්නයි එය ගෙහිමියාට භාර දී ඇත.

මේ දවස්වල පවතින වාහන ආන්දෝලනයත් සමග ක්ෂණික දුරකථන ඇමතුමක් ඔස්සේ උඩුදුම්බර උයන්වත්ත ප්‍රදේශයේ නිවසක සැකකටයුතු වාහනයක් සඟවා ඇති බවට ලැබුන තොරතුරක් මත පොලිසිය අදාල නිවසට ගොස් පරීක්ෂ කිරීමේ දී ගරාජක රඳවා තිබූ ජිප් රථයක් හමුවී තිබේ. මේ සම්බන්ධව ගෙහිමියාගෙන් විමසීමේ දී ඔහු පවසා ඇත්තේ මහියංගනයේ සිට පිරිතකට වැඩි හිමිනමක් මෙම ජිප් රථය නවත්වා තමන්ට බලා ගන්නයැයි භාර කරමින් නැවත වැඩම කළ බවය. තමන් ඉන්නේ ද මෙම රථය යළි රැගෙන යනතුරු බව ගෙහිමියා පවසා තිබේ.

ඉන් පසු ආදාල වාහනයේ ලියාපදිංචි අංකය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විමසූ විට ඔවුන් පවසා ඇත්තේ මෙම වාහන අංකය ලියාපදිංචි වී ඇත්තේ කුරුණෑගල ආඳාගල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නමට බවය. මෙම තොතරතුරුත් සමග වාහනය පොලිස් භාරයට ගැනීමට උඩුදුම්බර පොලිසිය කටයුතු කර තිබේ. සැකකටයුතු වාහනය රජයේ රස පරීක්ෂවරයා වෙත යොමු කර රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට නියමිතව තිබේ. එතෙක් වාහනයේ හිමිකාරිත්වය පිළිබඳ ගැටලුව නිරාකරණය කරගත නොහැකි බවත්, වාහනය ගෙනත් නැවැත්වූ හිමි නම ද ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිසියට කැඳවා ඇති බවත් විමර්ශන අංශ කියයි. උඩුදුම්බර පොලිිසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka