gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුඩු කෙළි හා බැඳුන බව පෙනුන හිටපු රාජ්‍ය ඇමති ඩී.වී.චානකගේ මාමණ්ඩිය ඝාතන විමර්ශනය යට ගියේ ඇයි?

පසුගිය වසරේ  සැප්තැම්බර් (23) රාත්‍රියේ ගාල්ල ඩික්සන් හන්දියේ දී විදුලිබල හා බල ශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකගේ මාමණ්ඩිය වූ කෝටිපති  රෙදි පිළි ව්‍යාපාරිකයක්වන ලලිත් වසන්ත මෙන්ඩිස් (60) වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මේ වනවිටත් නිශ්චිතව විසඳී නැති අපරාධයක් බව වාර්තා වේ.

ගාල්ලේ විශාලම නිමි ඇඳුම් අලෙවි සලේ හිමිකරුවන ඔහු සිය ව්‍යාපාරික ස්ථානයෙන් පිටත්ව    මොටර් රථයෙන්    නිවස බලා යමින් සිටියදි මෙම වෙඩි ප්‍රහාරයට ලක්වූයේය. ඝාතනය වූ ලලිත් වසන්තට මෙන්ඩිස්ට T56 ගිනි අවියකින් වෙඩි වරුසාවක් තබා තිබුණු අතර වෙඩි උණ්ඩ 15කට අධික සංඛ්‍යාවක් ඔහුගේ සිරුරට ඇතුළු වී ඇති බව පොලිස්පරික්ෂණවලදි අනාවරණය වූයේය.

ඔහුව ලුහුබැඳ පැමිණි  යතුරුපැදියකින් පැමිණි ඝාතකයෙක්  මෙම වෙඩි ප්‍රහාරය එල්ලකොට තිබුණේය. ව්‍යාපාරිකයා රියදුරු අසුන මතදිම මියගොස් සිටි බව පොලිසිය කීවේය. වෙඩි ප්‍රහාරයට ලක්වු ව්‍යාපාරිකයාගේ සිරුර ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගෝ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකළේය. පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර   විසින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරණු ලැබීය. ඝාතනයට ලක්වු ව්‍යාපරිකයාගේ  හිසට, මොළයට, උදරයට, දෑත්වලට වෙඩිවැදි තිබු බව පශ්චාත් මරණ පරික්ෂනයේ දි අනාවරණය විය.   උණ්ඩ 10කට ආසන්න සංඛ්‍යාවක්     ව්‍යාපාරිකයාගේ  සිරුරේ විවිධ ස්ථානවලට වැදි තිබු අතර හිසට හා මොලයට වු බරපතල තුවාල නිසා ව්‍යාපරිකයාගේ මරණය වී ඇති බව පශ්චාත් මරණ පරික්ෂණයේ දි තහවුරු වුනේය. සිරුරේ තිබු වෙඩි උණ්ඩ කොටසක් 04ක් පරික්ෂණ කටයුතු සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකිරීමට කටයුතු කෙරිනි. කෝටිපති  ව්‍යාපාරිකයාට වෙඩි තබනු ලැබුවේ  මෙම උණ්ඩ නිකුත් වි ඇති කුමණ අවියකින් ද කියා පරික්ෂාකොට බැලීම සදහා මෙම උණ්ඩ කොටස් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කිරීමට කටයුතු කරනු ලැබිය.

ඒ වකවානුවේ විදුලිබල හා බල ශක්ති රාජ්‍ය ඇමති ඩී.වී.චානක පවා සිය මාමණ්ඩියගේ ඝාතනය සම්බන්ධව කම්පනයකින් යුතුව යුක්තිය ඉටු කරගැනීම සඳහා ඉදිරිපත්වනු දක්නට නොලැබීම විශේෂ කාරණාවක් ලෙස සමාජය දුටුවේය. ඒ වකවානුවේදීම විමරශන අංශ සැක පහළ කරන්නේ මෙම  ඝාතනය සිදුවන්නේ ඩුබායි සිට මෙහෙයවන රත්ගම විදුරගේ සහ කොස්ගොඩ සුජීගේ පාතාල කල්ලි  දෙක අතර වූ දාම ඝාතනයකින් එකක් ලෙස බවය. එමෙන්ම ඝාතනය වූ කෝටිපති ව්‍යාපාරිකයා සහ කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවන් අතර ඇති සම්බන්ධය ගැන ද විමර්ශන අංශවලට තොරතුරු ලැබී තිබිණි.

කොස්ගොඩ සුජීගේ ඇති ඥාති සම්බන්ධය නිසා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති  ධනුක මහේෂ් ද සොයිසාට  2023   මැයි මස  (26) වැනිදා  උදෑසන අම්බලන්ගොඩ, රන්දොඹේ ප්‍රදේශයේ වෙඩි තබා ඝාතනය කිරීමට කළ උත්සාහය,  2023 ජූනි 12   රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක්වන රත්ගම විදුරගේ ඥාතියෙක් වූ දුලාජ්  තරංග  ගමගේ තරුණියක මාර්ගයෙන්  සීනිගම දේවාලය අසලට ගෙන්වා වෙඩි තබා ඝාතනය කිරීමට කළ උත්සාහය, මෙම ඝාතන දාමයේ සැලසුම්වල වැරදී ගිය උත්සාහයන්ය.

එහෙත් 2023 ජූනි මස 21 වැනිදා අලුයම ගොස්ගොඩ සුජීගේ මාමා කෙනෙක් වූ රන් මහත්තයා කොස්ගොඩ හිදරුව ප්‍රදේශයේ දී රත්ගම විදුරගේ පාර්ශවය විසින් ඝාතනය කරනු ලැබුවේය. සැප්තැම්බර් මස 18 වැනිදා රත්ගම ගම්මැද්දේගොඩ පදිංචි ගෝණාපීනුවලගේ ශෙහාන් නිලංග නමැති 28 හැවිරිදි තරුණයාගේ මළ සිරුර රත්ගම ආදාහනාගාරය පිටුපස කළපුවේ පාවෙමින් තිබුණේ අත් පා ගැට ගසා ඝාතනය කර තිබියදී ය. මේ ඝාතනයකර තිබුණේත් කොස්ගොඩ සුජීගේ සමීප හිතවතෙක් බවත් එම ඝාතනය සිදුකර ඇත්තේත් රත්ගම විදුර විසින් බවත් විමර්ශන අංශවලට තොරතුරු ලැබී තිබිණි.

ඩී.වී. චානකගේ මාමණ්ඩිය වූ ලලිත් වසන්ත මෙන්ඩිස් ඝාතනය කරන්නේ ඊට දින 05කට පසුය. පොලිසිය සොයාගෙන තිබුණු තොරතුරු අනුව මෙම ඝාතනය සිදුවන්නේ කොස්ගොඩ සුජීගේ කල්ලිය විසිනි. හේතුව ලලිත් වසන්ත මෙන්ඩිස් රත්ගම විදුරගේ සමීපතමයෙක් මෙන්ම රත්ගම විදුරගේ  ඥාතියෙක් වීමය. විදුරගේ නීති විරෝධී කළු සල්ලි මේ පුද්ගලයා හරහා සුදුවූයේ දැයි ඒ අවස්ථාවේ දී විමර්ශන අංශ සොයමින් සිටියේය. යම් හේතුවක් නිසා යටගිය මෙම විමර්ශනයත් ප්‍රමුඛතාවයකින් යුතුව මතු විය යුතු විමර්ශනයක් බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka