අද (28) උදෑසන පසුගිය රජයේ හිටපු කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.
ඒ පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති ප්‍රශ්නගත ඖෂධ මිලදීගැනීම පිළිබඳ කැබිනට් තීරණ සම්බන්ධයෙන් සිදුකෙරෙනා විමර්ශනයන්ට අදාලව ප්‍රකාශ ලබාදීම සඳහායි.
පසුගිය දින කිහිපය පුරාම ඊට අදාල ප්‍රකාශ ලබාදීම සඳහා පසුගිය රජය නියෝජනය කළ කැබිනට් අමාත්‍යවරු රැසක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුනි.
කෙසේවෙතත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ සිය සංසාර ගමනේ පළමු වතාවට කැබිනට් තීරණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බවයි.