gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලෝක බැංකු දකුණු ආසියානු ඒකාබද්ධ කාර්යාල 20 හි සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාව තෝරාගනී!

ශ්‍රී ලංකාවේ සංවර්ධ කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) දිනයේ පැවැත්විණි.

මෙම සාකච්ඡාව මාර්ගගතව සිදු කෙරුණු අතර එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ගත හැකි පියවර පිළිබඳව අවධානය යොමුවූ බව සඳහන්.

ලෝක බැංකුවේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, සෞඛ්‍ය, සහ සමාජ සුභසාධන ක්ෂේත්‍ර ශක්තිමත් කිරීමට යෝජනා වී ඇති අතර, නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සහාය දීම ද මෙහිදී සාකච්ඡා වී තිබේ.

විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල දියුණුව සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට එහිදී තීරණය වී ඇත.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ බලශක්ති ක්ෂේත්‍රය, සංචාරක කර්මාන්තය සහ නාවික කර්මාන්තය යන ක්ෂේත්‍රවල ආයෝජන වැඩි කිරීම තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවයි.

එහිදී උතුරු සහ නැගෙනහිර පළාත්වල දියුණුව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද තීරණය වී ඇත.

2025 ජුලි 25 වන දින විවෘත කිරීමට නියමිත දකුණු ආසියානු ඒකාබද්ධ කාර්යාල 20 හි සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාව ද තේරි ඇති බව මෙහිදී සඳහන් කළ ලෝක බැංකු සභාපතිවරයා, ලෝක  බැංකු සමූහය යටතේ පවතින නැවත ගොඩනැඟීම හා සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව (IBRD),ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA),ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) සහ බහුපාර්ශ්වික ආයෝජන ඇපකර නියෝජිතායතනය (MIGA) යන ආයතන අතර සම්බන්ධීකරණය එම කාර්යාල අතර සිදුවනු ඇති බවද සඳහන් කළේය. 

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම යන මහත්වරුද මෙම සාකච්ඡාවට එක්වී සිටියහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka