අම්පාර කාර්තිව් ඛේදවාචකය – දියේ ගිලී අතුරුදහන් වූ බව කී රිය සහායකයා පොලිසියට භාර වේ… මළ සිරුරු 06ක් සොයාගනී… තවත් සිසුන් දෙදෙනෙක් අතුරුදහන්…
අම්පාර කාර්තිව් ප්‍රදේශයේ දී සිදුවූ ට්‍රැක්ටර් රථ අනතුරින් දියේ ගිලී අතුරුදන් වු බවට වාර්තා වු ට්‍රැක්ටර් රථයේ රිය සහායක කාර්තිව් පොලිස් ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ. ජීවිතය බේරාගත් මෙම රිය සහායකයා දින දෙකක් සැඟවී සිට ඇති බව වාර්තා වේ.
අද (28) පෙරවරුවේ පොලිස් ස්ථානයට ඉදිරිපත් වු ඔහු ගංවතුර තත්ත්වය අතරතුර ආරක්ෂක අංශ උපදෙස් නොතකමින් අනතුරුදායක ලෙස ට්‍රැක්ටර් රථයෙන් මුදලට පුද්ගලයින් ප්‍රවාහනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බව කාර්තිව් පොලීසිය සඳහන් කළේය.
අද උදේ ට්‍රැක්ටර් රථ රියදුරාගේ සහ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරු පොලිසියේ සහ නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් විසින් සොයාගෙන තිබිණි. මේ වනවිට සිද්ධියට අදාල පුද්ගලයින් 06 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇත. සිසුන් සිවු දෙනෙකුගේ සිරුරු ඒ අතර තිබේ.
තවත් සිසුන් දෙදෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.
අම්පාර කාර්තිව් ඛේදවාචකය – දියේ ගිලී අතුරුදහන් වූ බව කී රිය සහායකයා පොලිසියට භාර වේ… මළ සිරුරු 06ක් සොයාගනී… තවත් සිසුන් දෙදෙනෙක් අතුරුදහන්…
2024-11-28T16:49:00+05:30
Lanka Hot News






