gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දෙමළ මන්ත්‍රීවරු එක් කණ්ඩායමක් විය යුතුයි… එන්.පි.පී දෙමළ මන්ත්‍රී 05 උතුරෙන් පත් වුනේ සිංහල රාජ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන්න නොවේ… අඩෙයිකලනාදන් කියයි!

දෙමළ දේශපාලන පක්ෂවලින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින දෙමළ මන්ත්‍රීවරු සියලු දෙනාම එකම කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමට තීරණය කොට ඇතැයි වන්නි දිස්ත්‍රික්කයේ   දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා ටෙලෝ සංවිධානයේ නයක සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා අද ( 17 ) පැවසීය.

ලබන 21 වෙනිදා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව මේ සම්බන්ධයෙන් තවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බව කී අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා මෙම කණ්ඩයමට සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාගේ  සහයද ලබා ගැනීමට අපේක්ෂා කරනබව පැවසීය. 

දෙමළ මන්ත්‍රීවරු සන්ධානගත වීම පිළිබඳව පොන්නම්බලම් මන්ත්‍රිවරයා අතීතයේ සිටම කැමැත්තක් නොදැක්වීම නිසා මේ ප්‍රශ්නයේදී ඔහුගේ සහය ලබා ගැනීමට වෙනම සාකච්ඡාවක් පවත්වන බවද ටෙලෝ නායකයා කියා සිටියේය.

ජාතික ජන බලවේගයෙන් යාපනයට හා වන්නියට පත්ව සිටින මන්ත්‍රීවරු  පස් දෙනා සමග මේ ගැන සාකච්ඡා කරන්නේ දැයි විමසූ විට අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා කිය සිටියේ ඔවුන් දකුණේ සිංහල දේශපාලන පක්ෂයකින් පාර්ලිමේන්තුවට ගොස් සිටින නිසා මේ ඉල්ලීමට ඔවුන් අවනත වනු ඇතැයි සිතිය නොහැකි බවය. 

එහෙත් දෙමළ ජනතාව ඔවුන් පස් දෙනාට ඡන්දය ලබා දී ඇත්තේ උතුරු නැගෙනහිර පළාත් තුළ සිංහල රාජ්‍ය යාන්ත්‍රණයක් ගොඩ නැගීමට නොව දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳා ගැනීමට නිසා  ඔවුන් මේ කාරණය ගැන ඔවුන්ගේ අවධනය යොමු කළ යුතුව ඇතැයිද අඩෙයිකලනාදන්  මන්ත්‍රීවරයා  කියා සිටියේය.
-දිනසේන රතුගමගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka