පසුගිය වසර අවසානය වනවිටත් අමාත්‍ය නිල නිවාසවලට ලබාදී ඇති ජල සම්බන්ධතා 23කට අදාලව රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් අයකර නොගෙන හිඟව පැවතුණු බව ජාතික විගණන කාර්යාල වාර්තාවක සදහන් කර ඇත.
එම මහජන නියෝජිතයන්ගේ පෞද්ගලික නිවාසවල හිග මුදල් සාමාන්‍ය පරිභෝගිකයන් ලෙස සලකා අය කර ගන්නා බවත් හිඟ මුදල් නොගෙවන ස්ථානවල ජල සැපයුම විසන්ධි කරන ලෙස වාණිජ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළ බව එම වාර්තාවේ සදහන් වේ.
මේ අතර මියගිය මහජන නියෝජිතයින්ගෙන් අය විය යුතු හිඟ ජල ගාස්තු අය කරගැනීමට නොහැකි බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය දන්වා ඇතැයිද එම වාර්තාවේ සදහන් වේ.
