අත්‍යවශ්‍ය නැත්නම් පාස්පෝට් ගන්න එන්න එපා! විජිතත් ටිරාන් කියපු දේ ම කියයි
අත්‍යවශ්‍යම කාරණාවකට හැර විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට නොපැමිණෙන ලෙස විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
මෑත කාලයේදී විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට වැඩි ඉල්ලුමක් ඇති වී තිබෙන්නේ පසුගිය කාලයේ විදේශ ගමන් බලපත‍්‍ර ලබා දීමේ ප‍්‍රමාදය බවත් ඔහු පැවසීය.
නව ක්‍රමයක් යටතේ විදේශ ගමන් බලපත්‍ර අත්‍යවශ්‍ය සියලුම පුද්ගලයන්ට ලබා දීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
මේ වන විට විදේශ ගමන් බලපත්‍ර තොගයක් ලැබී තිබෙන බවත් ඉදිරියේදී තයත් ලැබෙනු ඇති බවත් හෙතෙම කියා සිටී.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.
අත්‍යවශ්‍ය නැත්නම් පාස්පෝට් ගන්න එන්න එපා! විජිතත් ටිරාන් කියපු දේ ම කියයි
2024-10-28T10:36:00+05:30
Gossip Lanka Hot News






