gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගෝඨා විසිරුවා හැරි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය යළි පිහිටුවයි!

බඳ අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසන්නේ 2015 වසරේදී අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ස්ථාපිත කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නැවත බලාත්මක කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බවයි. ඒ පසුගිය කාලයේදී විමර්ශන ආරම්භ කර මේ වනවිට අතරමග නතර කර ඇති පැමිණිලි රැසක් නැවතත් විභාග කිරීමේ අරමුණින්.

නිලධාරින් 180ක් පමණ සේවය කළ මෙම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් අනතුරුව අත්තනෝමතික ලෙස විසුරුවා හරින ලදි.

ඉන් අනතුරුව 19 දෙනෙකු හැර සෙසු සියලු නිලධාරීන් රට පුරා ඉතා දුර බැහැර ප්‍රදේශවලට මාරු කර යැවීමට කටයුතු කළ අතර විමර්ශන අරඹා තිබූ ඇතැම් අපරාධ ගොනු වසා දමා ඒවා අධිකරණයට යොමු කර කඩිනම්ව විභාග කර තීන්දු ලබාගෙන තිබුණි.

එම පරීක්ෂණ අතර දිවිනැගුම ගනුදෙනු, ගිං නිල්වලා ව්‍යාපෘතිය, CNN රූපවාහිනි නාලිකා ගනුදෙනුව, ක්‍රීෂ් ගනුදෙනුව, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව, චෝගම් සමුලුවේ අයථා ගනුදෙනු, මිග් ගනුදෙනුව, යාබස් ගනුදෙනුව, ඩී. ඒ. රාජපක්ෂ සොහොන ඉදිකිරිම සහ හිමිකරුවෙකු නොමැති වූ මල්වානේ සුවිසල් මැදුර ආදී පරීක්ෂණ ඇතුලත්.

එමෙන්ම ශානි අබේසේකර මහතා අධ්‍යක්ෂක ධුරයේ කටයුතු කරනා අපරාධ බුද්ධි විශ්ලේෂන හා විමර්ශන කොට්ඨාසයද මෙම ඒකකය සමඟින් ඒකාබද්ධව කටයුතු කිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් නව රජය පත්වීමෙන් අනතුරුව මේ වන විටත් මෙම කොට්ඨාසය සතුව තිබූ ලිපිගොනු සම්බන්ධයෙන් තොරතුරු රැස්කර වැඩ ආරම්භ කිරීමට නිලධාරින් කිහිප දෙනෙකු යොමු කර ඇති අතර‍ එළැඹෙන මහමැතිවරණයෙන් පසුව මින් පෙර මෙහි සේවය කර මේ වනවිට මාරුවීම් ලබා සිටින නිලධාරින් යළි මෙම ඒකකයට කැඳවීමට නියමිත බව පැවසේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka