gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

කොළඹ මර්මස්ථාන රැසක තොරතුරු-කටු සටහන්-සිතියම් තියෙන පිටු 700ක පොතක් තියාගෙන සිටි සැකකරුවකු අල්ලයි!... ප්‍රභූවරුන් එක්ක කරපු සංවාදත් තිබිලා!

පොලිසියෙන් එද්දී ඉතාලි තානාපති කාර්යාලය ෆොටෝ ගගහා ඉඳලා!

කොළඹ සහ අවට ප්‍රදේශවල වැදගත් මර්මස්ථානවල රූප සටහන් ඇතුළත් පිටු 700 කින් සමන්විත පොතක් සන්තකයේ තබාගෙන කුරුඳුවත්ත ජාවත්ත පාරේ ඉතාලි තානාපති කාර්යාලය ජංගම දුරකතනයකින් ඡායාරූප ගත කරමින් සිටි පුද්ගලයකු අද අලුයම අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි. 

සැකකරු සන්තකයේ තිබී එම පොතට අමතරව, ප්‍රභූවරුන්ගේ සංවාද සටහන් සහ ඒවාට සැකකරු ලබා දුන් ප්‍රතිවිරුද්ධ පිළිතුරු ඇතුළත් සටහන් ඇතුළත් පොතක් හා දිනසටහන් පොතක් මෙන්ම ඡායාරූප ගත කරන ලද ජංගම දුරකථනය සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.

ජංගම සංචාරයේ යෙදුණු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරී කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කුරුඳුවත්ත පොලිසියට භාර දී ඇත.

කොළඹ පිටකොටුව මැණින් මාර්කට්හි සහෝදරයකු සමග එක්ව ව්‍යාපාර කටයුතුවල යෙදී ඇති මොහු මීට මාස හයකට පමණ පෙර එම කටයුතුවලින් ඉවත් කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

54 හැවිරිදි සැකකාර පුද්ගලයා කොටුගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka