gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපිත් ආසයි අනුරගේ අත්සනින් මුදල් නෝට්ටුවක් දකින්න! හැබැයි අපි තාම අලුතින් මුදල් අච්චු ගහලත් නෑ! ණය අරගෙනත් නෑ! (VIDEO)

නව රජය මේ දක්වා කිසිදු මුදල් මුද්‍රණය කිරීමක් සිදු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

එසේම කිසිදු විදේශ ආයතනයකින් හෝ විදේශ ණයක්ද මේ දක්වා ලබා ගෙන නොමැති බවත් ඔහු පැවසීය.

අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව පැවසීය.

“සාමාණ්‍යයෙන් මහ බැංකුවේ ක්‍රමවේදයක් තියෙනවා භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර කල් ඉකුත් වෙනකොට ඊට සමානුපාතිකව අලුත් ඒවා නිකුත් කරන එක. ඒ ක්‍රියාවලිය හැමදාම සිද්ද වෙන දෙයක්.  ඒ වගේම මුදල් අච්චු ගැසීම ගත්තොත් ඇත්තටම අලුතින් මුදල් අච්චු ගැසීමක් කරලා නැහැ, කරන්න බෑ ඒක පැහැදිළිව තියෙනවා අලුතින් මුදල් අච්චු ගහන්න බෑ කියලා. අපිත් ආසයි එතුමාගේ අත්සනින් මුදල් නෝට්ටුවක් දකින්න හැබැයි තාම නම් එහෙම එකක් නිකුත් වෙලා නෑ. ඒක සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක්”

කෙසේවෙතත් ජාත්‍යන්තරය පිළිගත් ආර්ථික වෙබ් අඩවියක් වන ඉකොනොමිනෙක්ස්ට් වෙබ් අඩවිය ඊයේ දින පුවතක් වාර්තා කරමින් කියා සිටියේ ආණ්ඩුව බිලියන 100 මුදලක් විවිධ ක්‍රම ඔස්සේ මුද්‍රණය කොට ඇති බවකි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka