මේ වනවිට වැලිකඩ බන්ධනාගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු බන්ධනාගාරයේ සිට ලිව්වේ යැයි හගවමින් වෙබ් අඩවියක පළවී ඇති ලිපිය ව්‍යාජ ලිපියක් බව මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක සදහන් කරයි.
ජොන්ස්ටන් ප්‍රනාන්දු ලිපියක් නිකුත් කර ඇති බවට සදහන් කළද, බන්ධනාගාරයක් තුළ සිටින සැකකරුවකු හෝ සිරකරුවකු යම්කිසි ලිපියක් පිටතට යවන්නේ නම් එය අදාල බන්ධනාගාරයේ අධිකාරීවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ යොමුකළ යුතු බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක සදහන් කරයි.
එවැනි ලිපියක් බන්ධනාගාර නීති රීතිවලට යටත්ව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය අනුව කළ යුතු බවත් එම ලිපිය පළවීම පිළිබඳ තමන් කිසිවක් නොදන්නේ යැයි ජොන්ස්ටන් බන්ධනාගාර අධිකාරිවරයාට ලිඛිතව දන්වා ඇති බවද බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක සදහන් කරයි.
