නුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙතෙක් කිසිඳු විදෙස් ආයෝජනයක් සඳහා ගිවිසුම් අත්සන් කර නැතැයි වාර්තාවන බව එක්සත් ජාතික
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ‘සිලින්ඩරය’ ලකුණ යටතේ කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත්ව සිටින කෙෂාල් ජයසිංහ මෙසේ පැවසුවේ ඊයේ (28) දෙහිවල ප්‍රදේශයේ පැවති තරුණ ව්‍යවසායකයින් ගේ හමුවක් අමතමිනි.
එම අවස්ථාවේ වැඩි දුරටත් අදහස් දැක්වූ කෙෂාල් ජයසිංහ...
ආයෝජනයේ වැදගත් භාවය
‘‘ඕනෑම රටක දියුණුවේ පදනම වෙන්නෙ ආයෝජන. රටක මූල්‍ය ආයෝජන රාජ්‍ය අංශයට පමණක් කරන්න බෑ. ලංකාවේ රාජ්‍ය ආදායමෙන් විශාල ප්‍රමාණයක් යොදවා තිබුණේ සුබසාධන වියදම් සඳහා. ලංකාවට පැමිණි පළමුවැනි ලෝක බැංකු නියෝජිත පිරිසේ ආර්ථික විද්‍යාවරියක වූ Joan Robinson පැවසුවේ Ceylon ate the fruit before she has grown the tree කියලා. ඇය ඉන් අදහස් කරේ ලංකාව ආයෝජනයට ඇති මුදල් පරිභෝජනය කරනවා කියලා. රටක දියුණුවට රාජ්‍ය ආයෝජනවලට වඩා වැදගත් වන්නේ පෞද්ගලික ආයෝජන. ලෝකයේ පළමුවන ආර්ථිකය වුණ ඇමරිකාවේ ආර්ථිකය පදනම වුණේ Henry Ford, ජපානයේ පදනම වුණේ: Matsushita, Toyota, Hitachi යනාදි ව්‍යාපාරිකයන්. කොරියාවේ පදනම වෙලා තියෙන්නෙ: Hyundai, Kia Dawoo, Samsung යනාදි ආයෝජකයන්. ඉන්දියාවේ පදනම වෙලා තියෙන්නෙ: Ambani, Adani, බිර්ලා, බජාජ්, ටාටා වැනි ආයෝජකයන්.
පෞද්ගලික ආයෝජකයන් හතුරන් ද?
ලංකාව නිදහස ලබපු දා ඉඳල ම අප අත්දැකපු දෙයක් තමයි පෞද්ගලික ආයෝජකයන් හතුරන් ලෙස දැකීම. එක්දහස් නමසීයේ ඉල ක්‍රමිකව වර්ධනය වෙමින් පැවති ලංකාවේ පෞද්ගලික ආයෝජකයන්ට පළමු පහර වැදුණේ එක්දහස් නමසිය පනස් හයේ බලයට පත්වුණ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව. එවකට දියුණු වෙමීන් පැවති පෞද්ගලික ව්‍යාපාර රාශියක් රජයට පවරා ගත්තා. මෙයින් කළ කිරීමට පත්වුණ ව්‍යාපාරිකයෝ විශාල පිරිසක් රට හැරදාල ගියා. දෙවන පහර දීම සිදු වුණේ එක්දහස් නමසිය හැත්තෑවෙ බලයට පත් සමගි පෙරමුණ ආණ්ඩුව යටතේ. ඒකට හේතුව තමයි එක්දහස් නමසිය හැටේ ඉඳල ක්‍රමිකව වර්ධනය වුණ පෞද්ගලික ආයෝජක විශාල ප්‍රමාණයක් ආණ්ඩුව අත්පත් කර ගැනීම. එදා වතු සහ ව්‍යාපාර අත්පත් කර ගැනිම නිසා කම්පාවට පත්වුණ ආයෝජකයන් ඔස්ට්‍රේලියාව යන රටවලට සංක්‍රමණය වුණා.
විරුද්ධ පක්ෂ විරෝධතා
නැවත වරක් පෞද්ගලික ආයෝජනය දිරි ගැන්වීම ආරම්භ වන්නේ එක්දහස් නමසිය හැත්තෑ හතේ ඒක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හඳුන්වා දුන් විවෘත වෙළඳපොල ආර්ථික ක්‍රමය තුළින්. ඒ හරහා විශාල ආයෝජකයන් පිරිසක් අපේ රටේ ආයෝජනය කරන්න ආවා. රටේ වේගයෙන් වැඩිවන ශ්‍රම බලකායට අවශ්‍ය රැකියා ලබා දීමට පුළුවන් වුණේ මේ අලුතෙන්න් වර්ධනය වුණ පෞද්ගලික ආයෝජකයන් නිසා. අපි දන්නවා ලෝකයේ දියුණු සෑම රටකම පෞද්ගලික ආයෝජන දිරිගන්වනවා. නමුත් ලංකාවේ අලුතෙන් පෞද්ගලික ආයෝජකයන් ආරම්භ කරද්දි විපක්ෂයේ දේශපාලනය කරන කණ්ඩායම් ඒකට විරුද්ධව තමන්ගේ දේශපාලනය ප්‍රවර්ධනය කර ගන්නවා.
කණ්ඩලමෙන් උගත් පාඩම
මේකට හොඳම උදාහරණය එක්දහස් නමසිය අනූවෙදි විතර ආරම්භ කරපු කණ්ඩලම හෝටල් සංකීර්ණය. කණ්ඩලම හෝටලය ආරම්භ කරන කාලේ , එකේ ප්‍රධානියා විදියට කටයුතු කෙරුවේ මගේ තාත්තා. ඒ නිසා මට ඒගැන යම් වැටහීමක් තියනවා.
ඒක ප්‍රධාන වශයෙන් පරිසරික වාර්තා ලබාගෙන පවතින පරිසර පද්ධතියට හානියක් නොවන ආකාරයට සකස් කරලයි තිබුණෙ. මගේ පියාගේ අදහස වුණේ හෝටලය අවශ්‍ය ශ්‍රම බලකාය අදාළ ප්‍රදේශයෙන් බඳවා ගන්නයි. අද කණ්ඩලම ප්‍රදේශයේ සැලකිය යුතු පිරිසකට මේ නිසා රැකියා ලැබිල තියෙනවා; සෘජු රැකියාවලට අමතරව වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් ලැබිල තියෙනවා. ලංකාවට පැමිණෙන ආයෝජකයන්ගෙන් මෙම හෝටලයට පලමු පෙළ පිළිගැනිමක් ලැබිල තියෙනවා. එවකට හෝටලය ගොඩනැගීමට විරුද්ධ වුණ පිරිස කියපු විදියට නම් කණ්ඩලමේ ජෛව පද්ධතියට හෝ වැව් තාවුල්ලට මේ දක්වා ම කිසිදු හානියක් සිද්ධ වෙලා නෑ. සිද්ධ වෙලා තියෙන්නෙ එම පරිසර පද්ධතියට අගයක් එකතු වෙලා පරිසර පද්ධතිය සංරක්ෂණය වුණ එක. ඒදා ඒකට විරුද්ධ වුණ බලවේග සියල්ලම නිවාඩුවක් ලැබුණ අවස්ථාවල කණ්ඩලමට ගිහින් විවේක ගන්න එක දැන් සුලබ දසුනක් වෙලා.
දැන් අපිට අවශ්‍ය වෙලා තියෙන්නෙ ලංකාවේ ආර්ථික වර්ධනය කරගන්න පුළුවන් පෞද්ගලික ආයෝජකයන්. ඒ පෞද්ගලික ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩනැගිය යුතු යි. ඒ සඳහා අවශ්‍ය දිරි ගැන්විම පැවති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ගෙන තිබුණා. ආර්ථික පරිවර්තන පනතින් මේ සඳහා අවශ්‍ය සියලු ම ව්‍යවස්ථාපිත නීති සම්පාදනය කරල තිබුණා.’’