gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජපක්‍ෂලා උගන්ඩාවේ සැගවූ ඩොලර් බිලියන 18 ගෙනැවිත් භාණ්ඩාගාරය පුරවන්නැයි කියයි

රාජපක්‍ෂලා විසින් සොරකම් කරන ලද ඩොලර් බිදින දහ අටක් උගන්ඩාවට යැවු බවට එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් දැන් විමර්ශනයක් කර අදාළ මුදල් ගෙන්වා ගැනීමට කටයුතු කරන්නයි  ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

එහි ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් පවසන්නේ විපක්ෂයේ සිට චෝදනා එල්ල කළ කණ්ඩායම අද ආණ්ඩු බලයේ සිටින බවත් ඔවුන්ට මේ සම්බන්ධයෙන් සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු බාධාවක් දැන් නැති බවත්ය.

තව දුරටත් මාධ්‍ය සංදර්ශන පවත්වා පලක් නැති බවත් සොරකම් කර ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා ඊට අදාළව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ඔහු ඉල්ලා සිටී.

නීතිය ක්‍රියාත්මක කරන සියලුම ආයතන අද අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යටතේ ඇති බවත් පවසන ඔහු එනිසා තවදුරටත් මාධ්‍ය සංදර්ශනවලින් ඵලක් නැති බවත් අදාළ පුද්ගලයන් සම්බන්ධයෙන් පැමිණිලි කර ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඔහු විල්ලා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේවා කියා සිටියේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka