gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගම්මන්පිල අද බර අවි ඔසවයි!

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කමිටුවේ වාර්තාව තමන් පිළි නොගන්නා බවට ඇමති විජිත හේරත් මහතා පවසන්නේ එහි සභාපති විනිසුරු වරියට විසමාචාර චෝදනා එල්ල වූ බව පවසමින් නම් ඇය විනිසුරුවරියක ලෙස ලබාදුන් නඩු තීන්දු ප්‍රතික්ෂේප කරන්නේදැයි පිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රශ්න කරයි.

තමනට පක්ෂපාති පුද්ගලයන්ට චෝදනා එල්ල වලට එවන් වාර්තා ප්‍රතික්ෂේප කරන බව නොකියා එහි වරදක් ඇත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට හැකි බව නීතිමය ක්‍රමවේදය බවත් හෙතෙම කියා සිටියේය.

අගරදගුරුතුමන්ද මෙම වාර්තා ප්‍රතික්ෂේප කරන බව පැවසුවේ ඔවුන් බලාපොරොත්තු වන පුද්ගලයන් ගැන සඳහන් නොවන නිසාදැයි සැකයක් මතුවන බවත් ඔහු පැවසීය.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

“විජිත හේරත් ඇමැතිතුමා මේ වාර්තාව ව්‍යාජ වාර්තාවක් කිව්වේ නෑ. ඒ වගේම අල්විස් වාර්තාවේ අඩංගු කරුණු ප්‍රතික්ෂේප කළෙත් නෑ. එතුමා මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ කමිටුවේ ප්‍රධානත්වය දැරූ විනිසුරුවරිය 2004 දී විෂමාචාර චෝදනාවක් මත රැකියාවෙන් ඉවත් වෙලා 2006 සිට නැවත සේවයට පැමිණියා කියන කාරණය මත.

වසර දෙකක් සේවයේ නොසිටීම පදනම් කරගෙන මේ වාර්තාව ප්‍රතික්ෂේප කරනවා නම් 2006 සිට 2023 දක්වා වසර 17ක් එතුමිය විනිසුරුවරියක් ලෙස ලබා දුන් සියලු නඩු තීන්දුත් ප්‍රතික්ෂේප කරනවාද? එතුමිය සිර දඬුවම් ලබා දුන් සිරකරුවන් නිදහස් කරනවාද? අය කළ දඩ නැවත ඒ පුද්ගලයන්ට ගෙවනවාද? දික්කසාද කළ අය නැවත කසාද බන්දනවාද කියන කාරණයත් විජිත හේරත් මැතිතුමා රටට පැහැදිලි කළ යුතුයි.

කමිටුව ගැන විවිධ චෝදනා නගන ඇමැතිතුමා කමිටුවේ හරය ගැන වචනයක් කතා කරන්නේ නෑ. පාස්කු ප්‍රහාරය පිළිබඳ ලැබුණු ලිපියට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා දවස් 12ක් සිටීමෙන් පාස්කු ප්‍රහාරය නොසැලකිල්ලෙන් සිදුවීමට ඉඩහැරීමේ වරදට රවී සෙනෙවිරත්න මහතා වැරදිකරු ද නිවැරදිකරුද? මට හෝ විනිසුරුතුමියන්ට පහර දීමෙන් රවී සෙනෙවිරත්නගේ නොසැලකිල්ල නිසා මේ මහා අපරාධය වුණා කියන චෝදනාව වෙනස් වෙන්නේ නෑ.”
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka