ආරක්ෂාව තර කෙරේ.. පොලිස් ඇතුළු විශේෂ කාර්ය බළකායේ 500ක් ආරුගම්බේ වෙත!
මැද පෙරදිග සහ නැගෙනහිර යුරෝපයේ පවතින යුදමය වාතාවරණය සැලකිල්ලට ගනිමින් විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බුද්ධි අංශ සමග එකතු වී විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.
විශේෂ නිවේදනයක් නිකුත් කර කරමින් පොලිසිය පවසන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ දියත් වන බවයි.
ඉදිරි සංචාරක වාරය තුළ විදේශීය සංචාරකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවට මේ වන විට තොරතුරු ලැබී අතර සියලුම පොලිස් ස්ථාන වෙත අදාළ උපදෙස් නිකුත් කරනු ඇත.
ආරක්ෂාව තර කෙරේ.. පොලිස් ඇතුළු විශේෂ කාර්ය බළකායේ 500ක් ආරුගම්බේ වෙත!
2024-10-23T15:52:00+05:30
Gossip Lanka Hot News





