gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

“අතුරුදහන් කළ, සුදු වෑන් වලින් උස්සන් ගිය, පාරෙ මරා දැමු මිනිස්සු ගැන යුක්තිය ඉෂ්ඨ විය යුතුයි...” - කාදිනල් හිමි

පසුගිය වසර 25 -30 කාලය තුළ දේශපාලන බලය අවභාවිතා කරමින් මේ රටේ ගෙන ගිය දුර්දාන්ත පාලනයේ සිදුවූ අයුක්ති සහගත මානුෂික ව්‍යසනයන් පිළිබඳ දැනගැනීමට හා ඒ පිළිබඳව විමසීමට තමන්ට ඇති සමාජ වගකීම අමතක නොකරන බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසයි.

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සදහන් කළේ,

“අද වැනි කාලයක අපි මේ ශ්‍රී ලංකාවේ අවුරුදු හැත්තෑ හයක කාලයක් තිස්සේ ගෙන ගිය දුර්දාන්ත පාපිෂ්ඨ ඇතැම් දුර්වලතා ජය ගන්න අපි කතෝලිකයන් විදිහට ඉදිරියට ආ යුතුයි.

නීතියක් නැති, සාධාරණයක් නැති, යුක්තිගරුකත්වය නැති, විනයක් නැති, ආගම ධර්මය ප්‍රතිපත්ති නමට පමණක් පාවිච්චි කරන, ආගමත් දේශපාලනීකරණය කරන්නට උත්සාහ කරන, භාෂාව, ආගම ජාතිය නිසා මිනිස්සුන්ව භේද බින්න කරපු, භේද බින්න කරලා ඒ මගින් දේශපාලන බලය අල්ලා ගත්තු දුර්දාන්ත දේශපාලන ක්‍රමය වෙනස් කරන්න අපි තීරණය කළා.

මම ඉන්න ඕන මගේ ජනතාවගේ පැත්තේ.. දිළිඳුන්ගේ පැත්තේ.. අසරණයින්ගේ පැත්තේ.. පීඩාවට පත්වුන අයගේ පැත්තේ.. අයුක්තියට ගොදුරු වුන අයගෙ පැත්තේ.. ඒ නිසා තමයි ආදරණීය සහෝදර සහෝදරියනි. පාසුකු ප්‍රහාරය කාදිනල් තුමාගේ පිස්සුවක් කියලා සමහරු කියන්නේ. මේක පිස්සුවකට හැරිලා වගේ ඔවුන්ට පේන්න තියෙන්නේ අන්න ඒ නිසයි. ඒ පැත්ත ඉන්න නිසා.

ආණ්ඩුවලට ඕන ඕන පදයට පාස්කු ප්‍රහාරයේ විමර්ශන ඒ අතට මේ අතට අර අතට යවන්න ඒ ගොල්ල කටයුතු කළාට ඒවා පිළිගන්න අප සූදානම් නෑ.. අපට ඕන මේකට ඇත්තටම මොකක්ද වුනේ කියලා විමර්ශනය කරන්නයි.

ඒ නිසා වැඩිකල් නොගොස් පාස්කු ප්‍රහාරය වැනි කෲර ක්‍රියා පිටිපස්සේ හිටියෙ කවුද කියන එක, මොකටද කියන එක අපට දැනගන්න ලැබුනොත් ඒක තමයි අපට අවශ්‍ය කාරනාව. ඒ විතරක් නෙමෙයි. මේ රටේ පහුගිය අවුරුදු 15 – 20 ඇතුළත ගංගාවල පා කර හැරපු මිනිස්සු, අතුරුදහන් කළ මිනිස්සු සුදු වෑන්වලින් උස්සන් ගිය මිනිස්සු, පාරෙ මරා දමාපු මිනිස්සු ගැනත් යුක්තිය ඉෂ්ඨ විය යුතුයි.”

රාගම පොල්ගහ හේන ජේසු බිළිඳුන්ගේ දේවස්ථානයේ ආසිරි ගැන්වීම සහ අභිෂේක කිරීමේ අවස්ථාවට එක්වෙමින් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මේ බව පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka