පාස්කු ප්‍රහාරයේ වාර්තා මට ලැබුනේ තැපෑලෙන්... අද උදේ 10ට ප්‍රසිද්ධ කරනවා - ගම්මන්පිල
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාගෙන් අප කළ විමසුමකදී පවසා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොකළ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට තමා සූදානම් බවයි.
ගම්මන්පිල මහතා වැඩිදුරටත් පවසන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එස්.අයි. ඉමාම් සහ ඒ.එන්.ජේ. ද අල්විස් වාර්තා දෙක තමාට පසුගිය 10 වැනිදා තැපැල් මගින් ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අද (16) පෙරවරු 10.00ට පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කරනා බවයි.
ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටු වාර්තාව 2024 ජුනි 24 – 25 දිනවලත් විශ්‍රාමික විනිසුරු අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් වාර්තාව 2024 සැප්තැම්බර් 14දාත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදී ඇති බවද උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.
පාස්කු ප්‍රහාරයේ වාර්තා මට ලැබුනේ තැපෑලෙන්... අද උදේ 10ට ප්‍රසිද්ධ කරනවා - ගම්මන්පිල
2024-10-16T09:14:00+05:30
Gossip Lanka Hot News






