හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් පාර්ලිමේන්තුවට පිවිසීමේ සුදානමක් පවතින බවට තොරතුරු වාර්තා වේ.
ඒ අනුව එළඹෙන 2025 වසරේ මාර්තු, අප්‍රේල් අතර කාලය තුල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හරහා නැවතත් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණීමට සුදානමක් පවතින බව වාර්තා වේ.
මෙවර මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය තරග වදින අතර මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය සදහා ජාතික ලැයිස්තු එක් මන්ත්‍රී ධුරයක් හෝ දෙකක් ලැබේවීයැයි පක්ෂයේ නායකයින් විශ්වාස කරන බව වාර්තා වේ.
ඒ අනුව ගෑස් සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පාර්ලිමේන්තු යන මන්ත්‍රීවරයා ලබන වසරේ මාර්තු වනවිට තමාගේ මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී රනිල් වික්‍රමසිංහට තම පුටුව බාරදීමට සූදානම් බව වාර්තා වේ.