බෑණාත් මාමා අත්හරින සූදානමක්… රුවන් විජේවර්ධනත් සමගි ජන බලවේගයට එක් වෙන්න යයි!
රුවන් විජේවර්ධන, නවීන් දිසානායක ඇතුළු කණ්ඩායමක් සමගි ජන බලවේගය හා එක්වීමට මේ වනවිට සාකච්ඡාකරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
එක්සත් ජාතික පක්ෂ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ සහ යටිනුවර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක මහේෂ් සේනානායක සජිත් ප්‍රේමදාස සමග එක්වීමෙන් එළියට පැමිණියේ පක්ෂය තුළ හටගෙන ඇති අස්ථාවර තත්ත්වය ප්‍රකාශ වීමත් බවත්, එජාප ප්‍රබලයින් ගණනාවක්ම පක්ෂය හැරගොස් සජිත් ප්‍රේමදාස සමග එක්වීමට සැලසුම් කරමින් ඇති බවත් එම ආරංචි මාර්ග කියයි.
එක්සත් ජාතික පක්ෂයේ මේ සෝදා යෑම ආරම්භ වී ඇත්තේ සජිත් රනිල් එකතුවක් සම්බන්ධව කිසිම ආකාරයක බලාපොරොත්තුයන් නොවන පසුබිමකය.
තමන්ට අගමැති අපේක්ෂක ධූරය පමණක් නොව, ගොඩනැගෙන නව සන්ධානයේ නායකත්වය අවශ්‍ය බවත්, රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් විය යුතු බවත්, ගොඩනැගෙන සන්ධානයේ මහ ලේකම් පත් කිරීමේ බලය ද තමන්ට අවශ්‍ය බවත් සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරීමත් සමග සජිත් රනිල් එකතුවීම කිසිසේත්ම නොවන සිද්ධියක් බවට පත් වී ඇතැයි තහවුරු වී ඇත.
රනිල් පාර්ශවයෙන් ඊලඟ දේශපාලන පියවර කුමක්ද යන්න තෝරණ සාකච්ඡා මේ වනවිටත් පොහොට්ටුවෙන් ගිලිහුණු කණ්ඩායම සහ වෙනත් දේශපාලන කණ්ඩායම් සමග පැවැත්වෙමින් ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි.
බෑණාත් මාමා අත්හරින සූදානමක්… රුවන් විජේවර්ධනත් සමගි ජන බලවේගයට එක් වෙන්න යයි!
2024-10-01T09:41:00+05:30
Gossip Lanka Hot News





