රනිල්ගේ උපදේශකයෙක් වෙලා ගත්ත කෝටි ගණනක් වටින Porche කාර් එක නිසා රෝසි මාර දුකක් විඳලා! ඩිකිය වැහෙන්නෙ නෑලු! සන්රූෆ් එක වේයො කාලාලු! වැස්සට තෙමෙනවාලු! අනේ පොඩ්ඩක් රෝසි කියන මේ දුක අහන්නකෝ..! (VIDEO)
පෝෂ් වර්ගයේ මෝටර් රථයක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමන්ට ලබා දී තිබුණේ, ඊට පෙර ලබා දී තිබුණු මෝටර් රථ සියල්ල විවිධ හේතූන් මත කාර්මික දෝශයන්ට ලක්වීම හේතුවෙන් බව හිටපු ජනාධිපති උපදේශක රෝසි සේනානායක මහත්මිය පවසයි.
තමන් කිසිසේත්ම සුඛෝපභෝගී මෝටර් රථයක් ඉල්ලා නොසිටි බව පවසන රෝසි සේනානායක මහත්මිය, අදාල පෝෂ් මෝටර් රථය, ශ්‍රාවස්තියේ පුස්කකා තිබූ එකක් බවද පවසයි.
තමන්ට ලබා දුන් අවස්ථාවේ දී එම මෝටර් රථය මහ පාරේ කඩා වැටුණු බවද ඈ පවසයි.
මෙම පෝෂ් මෝටර් රථය, ඇතුළට වත-ුර ගලන, සන්රූෆය වේයෝ කා තිබුණු, කිසි දිනෙක ඩිකිය ඇරගන්න බැරි වූ රථයක් බවද ඈ කියයි.
රනිල්ගේ උපදේශකයෙක් වෙලා ගත්ත කෝටි ගණනක් වටින Porche කාර් එක නිසා රෝසි මාර දුකක් විඳලා! ඩිකිය වැහෙන්නෙ නෑලු! සන්රූෆ් එක වේයො කාලාලු! වැස්සට තෙමෙනවාලු! අනේ පොඩ්ඩක් රෝසි කියන මේ දුක අහන්නකෝ..! (VIDEO)
2024-10-03T07:13:00+05:30
Gossip Lanka Hot News