gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පහර දී ඕමාන අයෝජකයාව රටින් යවන්න හැදු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධගේ සහෝදරයා අත්අඩංගුවට ගනියි!

කටාන ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් පවත්වාගෙන ගිය ඕමාන ජාතික ව්‍යාපාරිකයකුට අමානුෂික ලෙස පහරදී දේපොළ විනාශ කළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතාගේ බාල සොහොයුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) මගින් පෙරේදා (01දා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතාට ද චෝදනා එල්ල වී තිබෙන බවයි.

කටාන ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් පවත්වාගෙන ගිය ධනවත් ව්‍යාපාරිකයකු වන ඕමාන් ජාතිකයා පදිංචිව සිටි නිවසට කඩාවැදී ඔහුට අමානුෂික ලෙස පහරදී දේපොළ විනාශ කර තිබුණේ ඉකුත් 2022 වර්ෂයේදීය.

මෙම ව්‍යාපාරිකයාට අයත් ඇඟලුම් කම්හලේ ප්‍රවාහන කටයුතු සඳහා ලොරි රථ යෙදවීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් ප්‍රහාරයට හේතු වී තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මැදිහත්වී තිබූ අතර ජනාධිපතිවරයාගේ නියෝග මත ව්‍යාපාරිකයාට සහ ඇඟලුම් කම්හලට විශේෂ ආරක්ෂාවක් ද යොදවන ලදී.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කඳාන පොලිසිය මගින් මීට ඉහතදී සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබූ අතර එහිදී තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු වන හිටපු රාජ්‍ය ඇමැතිවරයාගේ සොහොයුරා අත්අඩංගුවට ගනු ලැබුවේ වසරකට පමණ පසුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka