gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු ජනපති රනිල් ගොඩනගන සජිත්ගෙන් තොර සන්ධානය ලෑස්තියි… වැඩිදෙනා මනාප සලකුණ සිලින්ඩරය!

සමගි ජන බලවේගය සමග සන්ධානගතවීමේ සියලුම අවකාශ මගහැරී ඇති බැවින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය සහ තමන් සමග වසර දෙකක් තිස්සේ දේශපාලනය කළ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ කණ්ඩායම සමග සිලින්ඩරය ලකුණින් සන්ධානගත වීමට සුදානම් බව  එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

ඊයේ  (02) රැස්වුන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී මේ පිළබඳ ගැඹුරින් සාකච්ඡා කර ඇති අතර බොහෝ දෙනෙකුගේ යෝජනාව වී ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අලියා ලකුණින් ගොඩ නගා ගන්නා සන්ධානයක් සමග  තරග වැදීම සුදුසු බවය.

එහෙත් එහිදී   හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ තමන් අවුරුද්දකට වැඩි කාලයක් තමන් විශ්වාස කළ කණ්ඩායමක් සමග වැඩ කළ බවත්, ඔවුන්ගේ අදහස් විමසා ඊට ගරු නොකර වෙනත් ගමනක් යෑම යුක්ති සහගත නොවන බැවින්  ඔවුන් සමග ද පක්ෂ ලාංඡනය පිළිබඳ සාකච්ඡාවක් කර මේ දේශපාලන සන්ධානයට ඔවුන්ද එක් කරගත යුතු බවය.

සිලින්ඩරය ලකුණු යම් අවිනිශ්චිතාවයක් ඇති වුවහොත් තරග කිරිම සඳහා අලියා ලකුණ විකල්පයක් ලෙස පවතිනු ඇති බව ද එම ආරංචි මාර්ග පැවසුවේ.



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka