කොළඹ 7 බංගලා තියන් ඉන්න මැති ඇමතිලා 11කට නඩු දාන්න යයි
රජයේ බංගලා ලබන 30 වැනිදාට පෙර බාර නොදුනහොත් නඩු පවරන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලිපියක් යවමින් ඊයේ (15) දැනුම් දී තිබේ.
රජයේ බංගලා වහාම බාරදෙන ලෙස හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට සිහිකැඳවීම් කිහිපයක්ම කර ඇතත් ඊයේ (15) වන විට නිවාස භාරදී ඇත්තේ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 11 දෙනකු පමණක් බව ද පැවසේ.
හිටපු අමාත්‍යවරුන් රජයේ බංගලා බාරදීමේ ලොකු පසුබෑමක් දක්නට ලැබෙන බව අමාත්‍යාංශය පවසයි.
හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට කොළඹ 7 ප්‍රදේශයෙන් ලබාදී තිබූ බංගලා සංඛ්‍යාව 40 කි.
මේ අනුව තවමත් බාර දී නැති බංගලා සංඛ්‍යාව 29කි.
මේ අතර අමාත්‍යවරුන්ට නිල නිවාස ලබාදීමේදී සියලු කරුණු සමාලෝචනය කර වියදම් අඩුවන ආකාරයේ අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බවද පැවසේ.
කොළඹ 7 බංගලා තියන් ඉන්න මැති ඇමතිලා 11කට නඩු දාන්න යයි
2024-10-16T10:48:00+05:30
Gossip Lanka Hot News






