රොෂාන් රණසිංහ දිලිත් එක්ක එකතු වෙයි… මව්බිම ජනතා පක්ෂයේ සභාපතිකම රොෂාන් රණසිංහ ට…
හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් තිදෙනෙක් ඊයේ (02) මව්බිම ජනතා පක්ෂය සමග එක් වූහ.
පසුගිය ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග වැදුණු, හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද මව්බිම ජනතා පක්ෂය සමඟ එක්වූ අතර එහිදී ඔහුට එම පක්ෂයේ සභාපති ධුරය පිරිනැමුණි.
එසේම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන ද අද මව්බිම ජනතා පක්ෂයට එක්වූ අතර ඔහුට පක්ෂයේ උප සභාපති ධුරය හිමිවිය.
එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ද අද මව්බිම ජනතා පක්ෂයට එක්වූ අතර, ඔහු පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙසෙ පත්කෙරුණි.
මේ අතර, මව්බිම ජනතා පක්ෂයේ කටාන ආසන සංවිධායක ධුරයට හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි පත්කෙරුණි. (දෙරණ)
රොෂාන් රණසිංහ දිලිත් එක්ක එකතු වෙයි… මව්බිම ජනතා පක්ෂයේ සභාපතිකම රොෂාන් රණසිංහ ට…
2024-10-03T07:02:00+05:30
Gossip Lanka Hot News






