හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මීට මාස අටකට පමණ ඉහතදී පදිංචිව සිටි කොළඹ 07 මලලසේකර මාවතේ පිහිටි රජයේ නිල නිවසක ඇති වූ හදිසි ගින්න විනාඩි කිහිපයක් තුළදී නිවා දැමූ බව කුරුඳුවත්ත පොලිසිය සදහන් කරයි.
මේ වනවිට හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජානක වක්කුඹුර වෙත වෙන්කර ඇති මෙම රජයේ නිල නිවාසය අලුත් වැඩියා කටයුතු සිදු කරමින් සිටියදී මෙම හදිසි ගිනි ගැනීම හටගෙන ඇත.
විදුලි බල මණ්ඩලය මගින් විසන්ධි කර තිබූ විදුලිය නැවත ලබාදී පිට වී යාමෙන් අනතුරුව විනාඩි 30කට පසු නිවසේ උඩු මහලේ වායු සමීකරණ යන්ත්රයකින් මෙම ගින්න හටගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
නිවසේ පින්තාරු කටයුතු යෙදී සිටි පුද්ගලයෙකු එම ගින්න දැක පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවන රථ පැමිණ ගින්න සම්පූර්ණයෙන් නිවා දමා පාලනය කර ඇත.