ජාතියෙන් සමාව නොගත්තොත් අපි ජනපතිවරයා ධූරයෙන් පහ කරනවා - ගම්මන්පිළ
අද (21) උදෑසන පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී පිවිතුරු හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධ කමිටු වාර්තාවන් උපුටා දක්වමින් පවසා සිටියේ නීතිය සාමය පිළිබඳ අමාත්‍යාංශයේ නව ලේකම් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා සහ අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කළ ශානි අබේසේකර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වග කිවයුතු බවයි.
එම පත්කිරීම් සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා ජාතියෙන් සමාව ගතයුතු බවත් එසේ නොකරන්නේනම් ඉදිරි පාර්ලිමේන්තුවේදී දෝශාභියෝගයක් හරහා ජනපතිවරයා ධූරයෙන් පහ කරනා බවටද ගම්මන්පිල මහතා අවධාරණය කලේය.
ජාතියෙන් සමාව නොගත්තොත් අපි ජනපතිවරයා ධූරයෙන් පහ කරනවා - ගම්මන්පිළ
2024-10-21T13:16:00+05:30
Gossip Lanka Hot News





