gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

“අමාත්‍යාංශ ලේකම් නොදැන ඇමැතිට හොරකම් කරන්න බෑ... ඇමැති ගහනවා දැක්කම එයාලත් ගහන්න ගන්නවා” – සිරිසේන කියයි

අමාත්‍යවරුන් රජයේ වත්කම් කොල්ලකන ආකාරය පෙන්වාදෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ප්‍රධාන ගණකාධිකාරීවරුන් නොදැන අමාත්‍යවරුන්ට සොරකම් කළ නොහැකි බවයි.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ (CA ශ්‍රී ලංකා) 45 වැනි ජාතික සමුළුව අමතමින් ඔහු ප්‍රකාශ කළේ, පසුකාලීනව ලේකම්වරුන් සහ ප්‍රධාන ගණකාධිකාරීවරුන්ද අමාත්‍යවරයාගේ ආදර්ශය අනුගමනය කිරීමට පටන් ගන්නා බවත්, මෙම ක්‍රියාව පහළ මට්ටම් දක්වාද ඇද වැටෙන බවයි.

“උගතුන් ඉන්නවා හොරකම් කරන. අමාත්‍යාංශවල ඇමතිට හොරකම් කරන්න බෑ අමාත්‍යාංශ ලේකම් සහ ප්‍රධාන ගණකාධිකාරීවරයයි දන්නේ නැතුව. ඊට පස්සේ තමා ඒ දෙන්නත් පටන් ගන්නවා මහ ඒකා එහෙම නම් අපිත් පොඩ්ඩක් ගහනවා කියලා.” යැයි ඔහු එහිදී සඳහන් කළේය.

“රටේ පාලකයා හොඳ වූ තරමින්ම රටක් හැදෙන්නේ නෑ. දෙවැනියා අගමැති. තුන්වෙනියෝ කැබිනට් මණ්ඩලය. එක දෙක තුන පිරිසිදු වෙන්න ඕනේ. දුෂණය වංචාවෙන් තොර වෙන්න ඕනේ. මම කොහෙත්ම කැමති නෑ මේ පහුගිය 74 ම මේ රට කාපු, රට පාලනය කරපු කියලා කියනවාට. ඒක මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මේ දේශපාලනඥයින්ට විතරක් බැන්නට වැඩක් නෑ. දේශපාලනඥයිනුත් මුල ඉඳලම හැදෙන්න ඕනේ, අමාත්‍යාංශ ලේකම් ඉඳලා ජනාධිපති ලේකම් ඉඳලා පහළට හැදෙන්න ඕනේ. රටේ පුරවැසියොත් යහපත් වෙන්න ඕනේ. දැන් ඡන්දයක් කරන්න ගියාම අරක්කු නැත්නම් කොහෙත්ම වැඩ කරන්න බෑ. හොඳ කෑම එකක් ඕනේ, හොඳ බස් එකක් ඕනේ. ඒක තමා තත්ත්වය.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka