gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු වැරදි බව මහින්ද කියයි!

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරිහරණය ඇතුළු ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා ඇති නිල රථ සම්බන්ධයෙන්, මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා භාරයේ පවතින බවට දක්වා ඇති වාහන සම්බන්ධයෙන් වන තොරතුරු නිවැරදි තොරතුරු නොවන බවය.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාගේ පරිහරණය ඇතුළු ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති නිල රථ 06න් ගිලන් රථය ද ඇතුළුව රථ 03ක් ජනාධිපති ලේකම් කාර්යාලය ලබාදී තිබූ ලිඛිත උපදෙස් ප්‍රකාරව අද (21) නැවත භාරදීමට කටයුතු මේ වනවිට සම්පාදනය කර ඇති බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත්කළ නිවේදනය වැඩිදුරටත් පහතින්,
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka