gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

දමිතට නුදුන්නේ රත්නපුරේ නොවන නිසා… හේෂා කියයි…දමිතා සුදුසුයි… වාඩාත් සුදුසු අයට නාමයෝජනා දුන්නා… රන්ජිත් මද්දුමබණ්ඩාර පවසයි!

දමිතා අබේරත්නට රත්නපුර දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ලබා නුදුන්නේ රත්නපුරයේ උපන් රත්නපුරයේ ජනතාව සමග ජීවත්වන රත්නපුර දිස්ත්‍රික්කයේ කාන්තා නියෝජනයක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය නිසා බව සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක හේෂා විතානගේ පැවසුවේය.

දමිතා අබේරත්නට නාම යෝජනා ලබා නුදුන් සිදුවීම ගැන මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් ඔහු පැවසුවේ ජාතික තලයේ මොනතරම් වැඩ කොටසක් කළ ද රත්නපුර දිස්ත්‍රික්කයට දේශපාලන නායකයින් ආනයනය කිරීම සමගි ජනබලවේගයේ ප්‍රතිපත්තිය නොවන බවය.

හේෂා විතානගේ ඒ සම්බන්ධව මෙසේ පැහැදිලි කළේය.

“රත්නපුර දිස්ත්‍රික්කයට නාම යෝජනා මණ්ඩලය සඳහා අයදුම් පත්‍ර විශාල ප්‍රමාණයක් ආවා. සීයකට අධික ප්‍රමාණයක් ආවා. නාම යෝජනා ලබා දිය හැක්කේ 14 දෙනෙකුට විතරයි. නාම යෝජනා මණ්ඩලයේ තීන්දු අපි ඒ වෙලාවෙ ප්‍රකාශයට පත් කරන්නේ නෑ. ”

“දමිතා අබේරත්න මැතිණිය කියන්නෙ අපේ පක්ෂයට විශාල ශක්තියක් ලබා දුන්න කලාකාරිණියක්. මම විශ්වාස කරනවා රත්නපුර දිස්ත්‍රික්කයට රත්නපුර දිස්ත්‍රික්කයේ දේශපාලන නායිකාවක් හදා ගැනීමේ අවශ්‍යතාවය තියන නිසා ජාතික තලයේ දී අපට කොච්චර හයියක් දුන්නත් පිටින් මේ දිස්ත්‍රික්කයට ආනයනය කරන අපේක්ෂකයො නොදානවා කියන තැනට තීන්දුවක් ගත්තා. ඒ නිසා රත්නපුරේ ඉපදිච්ච රත්නපුර ජනතාව එක්ක බද්ධ වෙලා ඉන්න කණ්ඩායමක් ලෙස තමයි මේ වනවිට සමගි ජන බලවේගයේ නාමයෝජනා බාර දුන්නේ. ”

දමිතාගේ ප්‍රශ්නය ගැන විමසූ අවස්ථාවේ දී සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර කීවේ නාමයෝජනා ඉල්ලන සියල්ලටම එම නාමයෝජනා නොලැබෙන බවය.

” මේ සැරේ විශාල ඉල්ලුමක් අපට තිබ්බා. ඒ විශාල ඉල්ලුම අපි නාමයෝජනා මණ්ඩලයකට බාර දීලා තියනවා. ඒකෙන් තමයි අපි තෝරන්නේ.”

“එතුමිය ලයිස්තුවෙ ඇත්තේම නැද්ද” මාධ්‍ය විමසුවේය.

“සම්මුඛ පරීක්ෂණයට ආවා. බලන්න ඕන මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. මම හොයලා බලනවා. නාම යෝජනා මණ්ඩලය ඊයේ රෑ තමයි රත්නපුර අවසන් කළේ. නාමයෝජනා ලබන්න එතුමිය සුදුසුයි . ඒ්ත් අපි ඇතුළු කරලා තියෙන්නේ වඩාත් සුදුසු අය. ” රන්ජිත් මද්දුමබණ්ඩාර පැවසුවේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka