බැදුම්කර මගඩිය වේගයෙන් උඩට... මහ බැංකු ලොක්කන් පිරිසකගේ වැඩ තහනම්!
ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවට අදාළව චෝදනා එල්ල වී ඇති මහ බැංකුවේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ.
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරන්නේ එය මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්ෂණයක් නිසා ඒ ගැන තමන් සඳහන් කිරීම සුදුසු නොවන බවයි.
චෝදනා එල්ල වී ඇති නිලධාරීන් පිළිබඳව සිදුකරන මහ බැංකු අභ්‍යන්තර පරීක්ෂණ ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය.
නීතිපති උපදෙස් මත අදාළ පරීක්ෂණ අඛණ්ඩව සිදුකරගෙන යන බවද මහ බැංකු අධිපතිවරයා තවදුරටත් කියා සිටියේය.
බැදුම්කර මගඩිය වේගයෙන් උඩට... මහ බැංකු ලොක්කන් පිරිසකගේ වැඩ තහනම්!
2024-10-15T10:04:00+05:30
Gossip Lanka Hot News





