වැසි තත්ත්ව නොසලකා අලුත්වැඩියාවකට සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ කොටසක වහල ගලවයි…ගොඩනැගිල්ල තුළ වතුර දෝල ගලයි…වටිනා ලියකිවිලි මිලියන ගණන් රාජ්‍ය දේපල විනාශයි!
සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලේ වහළ කොටසක් පිළිසකර කිරීමට වහළය ගලවා දැමීමත් සමඟ ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට ගොඩනැගිල්ලේ ඇතුළත කාමර වැසිජලයෙන් පිරී එහි තිබු වටිනා ලියකියවිලි, බිල්පත් , චෙක්පත් ඇතුළු ලියකියවිලි විශාල ප්‍රමාණයක් වැසිජලයට හසුවී විනාශ වී ඇති බව වාර්තා වේ.
මෙසේ වැසි ජලයට හසුවී ඇති ලියකියවිලි මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ කාමර කීපයක අතුරා විදුලි පංකා දමා වෙලමින් තිබෙන බවද එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදේ.
අමාත්‍යාංශයේ ඇතැම් තැන්වලට ජලය පැතිරීම වළක්වා ඇත්තේ වැලි කොට්ට ගැසීමෙන් බව හෙළි වී ඇත.
ගොඩනැගිල්ල තීන්ත ආලේප කර වහළය අලුත්වැඩියා කිරිමට කටයුතු කර ඇති අතර තීන්ත ආලේප කර අවසන් වී වහළය ගැලවීමට පසුගිය 7වන දින නියමිතව තිබු නමුත් අමාත්‍යංශයේ ගොඩනැගිලි අංශයේ ප්‍රධානියෙකුගේ හිතුවක්කාර තීරණයක් හේතුවෙන් එය 5වෙනි දින ගලවා ඉවත් කර ඇති බවද පැවසේ.
වහළය 5 වෙනිදා ගලවා ඉවකිරීමත් සමඟ ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ල කාමරය සියල්ල වැසි ජලයට හසුවී තෙමී ගොස් ඇති අතර මේ මොහොත වන විටත් වහළය සකස් කර නොමැති බැවින් සෞඛය අමාත්‍යංශය ඇතුළත කාමර දොරගලමින් තිබෙන බව වාර්තා වේ.
ගොඩනැගිල්ලේ වායුසමීකරණ යන්ත්‍ර පද්ධතිය, විදුලි රැහැන් පද්ධතිය, අලුතින් ගෙනෙන ලද පොත් රාක්ක, අල්මාරි ඇතුලු දේපල වලට විශාල හානි සිදුව ඇති බවද වාර්තාවේ.
වැසි තත්ත්ව නොසලකා අලුත්වැඩියාවකට සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ කොටසක වහල ගලවයි…ගොඩනැගිල්ල තුළ වතුර දෝල ගලයි…වටිනා ලියකිවිලි මිලියන ගණන් රාජ්‍ය දේපල විනාශයි!
2024-10-15T08:44:00+05:30
Gossip Lanka Hot News






