gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නාම යෝජනා දෙන්නත් එපා කියද්දි අජිත් මාන්නප්පෙරුමට නාමයෝජනා දී කරගත් හරිය හර්ෂණ කියයි!

පසුගිය මැතිවරණයේ දී කටයුතු කළ ආකාරය අනුව අජිත් මාන්නප්පෙරුමට නාම යෝජනා හෝ ලබා නොදෙන ලෙස ඉල්ලීම් මතුවෙමින් තිබෙද්දී ඔහුට නාම යෝජනා ලබා දුන්නේ ත සමගි ජනබලවේගයේ නායකවරයා සහ තමන් ද පුද්ගලිකව මැදිහත් වීමෙන් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නායක හර්ෂණ රාජකරුණා ඊයේ (12) බියගම බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමින්  ප්‍රකාශ කළේය.
අජිත් මාන්නප්පෙරුමගේ හැසිරීම කණගාටුදායක බවත්, ඔහු පක්ෂ නායකවරයාට බනිමින් ඉවත් වී ඇත්තේ ජනතා විරෝධයත් සමග තමන් ඉදිරිපිට පවතින අභියෝගයට මුහුණ දිය නොහැකි නිසා බවත් හර්ෂණ පැවසුවේය.


හර්ෂණ රාජකරුණා අද ගම්පහ පැවති පක්ෂයේ හමුවක දී ඒ පිළිබඳව මෙසේ පැහැදිලි කළේය.

“අජිත් මාන්නප්පෙරුම මැතිතුමා අද තරගයෙන් ඉවත් වුනාලු.”

“මට ඉතාම කණගාටුයි කියන්න පහුගිය ජනාධිපතිවරණයේ දි එතුමා කටයුතු කරපු ආකාරය දැකලා මේ පාක්ෂිකයින් විශාල ප්‍රමාණයක් පක්ෂයේ ප්‍රධානීන් විශාල ප්‍රමාණයක් ඔහුට නාම යෝජනා ලබා නොදිය යුතුයි කියලා ප්‍රකාශ කරලා තිබුණා. ”

“අපි පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමත් පුද්ගලකිව මමත් මැදිහත් වෙලා කිව්වා එතුමාට නාම යෝජනා භාර දිය යුතුයි කියලා. අපි ඒ අවස්ථාව එතුමාට ලබා දුන්නා. හැබැයි ඉතාම කණගාටුයි එතුමා මේ වගේ තීන්දුවක් ගැනීම ගැන. මොකද

තවත් එක්නෙකුට අවස්ථාවක් ලබා දෙන්න තිබ්බා. අපේ නාම යෝජනා ඉල්ලන්න විශාල ප්‍රමාණයක් කටයුතු කරලා තිබ්බා.

ඒ නිසා ජනතාවට සේවය කරන්න අවශ්‍ය නම් ඒකට ආසන සංවිධායකවරයෙක් ද නැද්ද කියන එක අදාල වෙන්නෙ නෑ.

මේ මැතිවරණයට මුහුණ දෙන්න ඒ ශක්තිය තිබිය යුතුයි. හැබැයි මම හිතන්නේ ඒ ජනතාවගේ පැත්තෙන්ම ආපු විරෝධය නිසාම වෙන්න ඕන එතුමා මේ වගේ තීන්දුවක් ගන්න ඇත්තෙ. දැන් ඒක පක්ෂයේ නායකත්වයටවත් එහෙම නැතිනම් වෙනත් කාටවත් චෝදනා කරලා වැඩක් නෑ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka